Aluthsl
  • August 13, 2022
  • Last Update July 31, 2022 9:18 AM
  • Sri Lanka

හිරු එළියෙන් ඉන්ධන නිෂ්පාදනය කිරීමට විද්‍යාඥයන් සමත් වෙයි ( Video )

හිරු එළියෙන් ඉන්ධන නිෂ්පාදනය කිරීමට විද්‍යාඥයන් සමත් වෙයි ( Video )

තාක්ෂණයේ දියුණුව සමග තවත් සොයාගැනීමක් හමු වුනා ඒ..

වායු ගෝලයේ ඇති තුනී වායුවෙන් හා හිරු එළියෙන් ඉන්ධන නිපදවන්නට ලොව පළමු වතාවට විද්‍යාඥයන් සමත්වීම.

මේ නව සොයා ගැනීම, අනාගතයේ දී කාබන් උදාසින හයිඩ්‍රොකාබන් ඉන්ධන නිපදවන්නට මඟ පෑදෙනු ඇත.

මේ පර්යේෂණයට සම්බන්ධ විද්‍යාඥයන් පවසන්නේ, මේ නව සොයා ගැනීම ඉතිහාසයේ වැදගත් මං සලකුණක් වන බවය. මේ නිසා අනාගතයේ දී ගුවන්යානා භාවිතය නිසා වායුගෝලයට කාබන් එක් වීම මුළුමනින් ම නතර වනු ඇත.

එය මිනිසා ලැබ ගන්නා විශිෂ්ටතම ජයග්‍රහණයක් වේවි. ඔවුන් පවසන ආකාරයට මේ අතින් තවත් පර්යේෂණ හා අත්හදා බැලීම් කළ යුතුව ඇති බවය.

මිනිස් ක්‍රියාකාරම් නිසා ගුවන් යානා හා නාවුක ගමනාගමනය හේතුවෙන් වායුගෝලයට එක්වන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය සියයට 8 කි.
ඔවුන් විසින් තතනු ලැබ ඇති කුඩා ප්‍රමාණයේ පිරිපහදු පද්ධතියක් මගින් වායුගෝලයට එක්වන කාබන්ඩයොක්සයිඩ් හා ජලය ග්‍රහණය කර ගැනෙයි.

ඉන්පසු ඒවා, සූර්ය ප්‍රතික්‍රියාකාරකයකට යොමු කෙරේ. එහිදී සූර්ය ප්‍රතික්‍රියාකාරකය ඒවා යොදා ගෙන කාබන්මොනොක්සයිඩ් හා හයිඩ්‍රජන් ඇතුළත් ‘සින්ගෑස්’ (syngas) නම් නව වායු මිශ්‍රණයක් නිපදවීම සිදුවෙයි.

අවසානයේ දී මේ සින්ගෑස් ද්‍රව හයිඩ්‍රොකාබන් බවට පත් කෙරේ. ඒවා තමයි, භූමිතෙල්, ගැසොලින්, මෙතනෝල් හො වෙනත් ඉන්ධනයක් බවට පත් කිරීමට යොදා ගන්නේ.

පර්යේෂකයන් පැහැදිලි කරන්නේ ඔවුන් මේ අයුරින් සුර්ය ඉන්ධන නිෂ්පාදනය කළ හැකි බව සක්‍රියව න්‍යායාත්මකව හා නිදර්ශනාත්මකව පෙන්වා දුන්නත් සැබෑ ලෝකයේ පවත්නා තත්වයන් යටතේ සම්පූර්ණයෙන් ම උපරිම තත්වයෙන් ක්‍රියාවට නැංවීම අභියෝගයක් වන බවය.

මේ නව අධ්‍යයනය කරනු ලැබ ඇත්තේ ස්විට්සර්ලන්තයේ සූරීච් තාක්ෂණික රාජ්‍ය විශ්ව විද්‍යාලය වූ එත් සූරීච් (ETH Zurich) ආයතනයේ මහාචාර්ය ඇල්ඩෝ ස්යෙින්ෆීල්ඩ් (Aldo Steinfeld) සමග විද්‍යාඥයන් පිරිසක් විසිනි.

පර්යේෂකයන් මෙසේ හිරු එළියෙන් හා වාතයෙන් ඉන්ධන නිපදවීම සඳහා අත්‍යවශ්‍ය ඒකක තුනක පද්ධතියක් යොදා ගැනෙයි.‍ ඒම ඒකක මොනවාදැයි බලමු.

අවට පරිසරයේ වායුගෝලයෙන්, කාබොන්ඩයොක්සයිඩ් හා ජලය ලබා ගත හැකි ඍජු වායු ධාරා ග්‍රාහක ඒකකයක්, ඊට සම්බන්ධ, කාබොන්ඩයොක්සයිඩ් හා ජලය, කාබන්මොනොක්සයිඩ් හා හයිඩ්‍රජන් මිශ්‍රණයක් බවට පත් කළ හැකි, එනම් සින්ගෑස් නිපදවිය හැකි, සූර්ය ශක්ති භාවිත ඔක්සිකරණ (redox) ඒකකයක් සමග මේ සින්ගෑස් දියර හයිඩ්‍රොකාබන් හෝ මෙතනෝල් බවට පෙරළිය හැකි, ගෑස් ද්‍රව බවට පත් කරන ඒකකයක් ඒ පද්ධතියට ඇතුළත් වෙයි.

කඩින් කඩ ලබාගත් හිරු එළියෙන් වූ අතර හිරු එළිය හොඳින් ලැබෙන තැනක වඩාත් කාර්යක්ෂමව හා ඉක්මනින් කළ බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. පර්යේෂකයන් පැය හතක කාලයක් තුළ මෙතනෝල් මිලිලීටර 32ක් මේ ක්‍රමයෙන් නිපදවා තිබේ.

මේ සූර්ය ඉන්ධන නිෂ්පාදන ක්‍රියාවලිය සාර්ථක කර ගත හැකියැයි පිළිගැනීමට ඒ පර්යේෂණය ප්‍රමාණවත් යැයි ඔවුන් පවසන්නේ.

මේ අධ්‍යයනය ඉදිරිපත් කරන පර්යේෂකයන් වසර 2019 දී ගුවන්යානාවල භාවිතයට ගැනුනු ගුවන්යානා භූමිතෙල් ඉන්ධන ප්‍රමාණය වූ ලීටර බිලියන 414ක් වූ ප්‍රමාණය නිපදවීම කළ හැකි විධියේ ව්‍යාපෘතියක් සකස් කරන හැටි ගැනත් අදහස් ඉදිරිපත් කර තිබේ.

ඔවුන් ඇස්තමේන්තු කර ඇති ආකාරය අනුව ඒ ලීටර ප්‍රමාණය ලබා ගැනීමට නම් වර්ග කිලෝමීටර් 45,000ක වපසරියක පැතුරුණු පිරියතක් ඉදි කරන්න අවශ්‍ය වෙනවා.

එය සහරා කාන්තාරයේ ප්‍රමාණයෙන් සියයට දශම පහක තරම් වපසරියක් යැයි ද ඔවුන් පැහැදිලි කර තිබේ. 

කෙසේ නමුත්, මෙවැනි ක්‍රමයට ඉන්ධන තැනීම දැන් වෙළඳ පොළ ගුවන් යානා ඉන්ධන මිල ගණන් අනුව නම් කළ නොහැකි අධික වියදමකි. ‘නේචර්’ (Nature) සඟරාවට මේ පිළිබඳව ලිපියක් ඉදිරිපත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ ආරම්භයේ දී මිල අධික බවක් පෙනුනත් අමුද්‍රව්‍ය වායු ගෝලය තුළින් නොමිලයේ ලැබෙන නිසා ස්ථිර හා ක්‍රමවත් සැලැස්මක් ඇතිව සැකසූ පිරියතක් මගින් මෙහි ඵලදායිකත්වයක් ලද හැකි බවයි.

ඔවුන් තවදුරටත් පෙන්වා දෙන්නේ, ‘ගුවන්යානා ක්ෂේත්‍රයේ කටයුතු කාබන්හරණය සඳහා දීර්ඝ කාලීනව කිරීම සඳහා ප්‍රතිපත්ති සකසා ගැනීමේ දී, මේ හිරු එළියෙන් හා වාතයෙන් ඉන්ධන සාර්ථකව නිපදවිය හැකි බව සාර්ථකව පෙන්වා දුන් ක්‍රමවේදයත් සැලකිල්ලට ගැනීම වැදගත් වන බවය.

Related Articles