• April 20, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

චීන රජය විසින් e sports නිල වෘත්තියක් ලෙස පිලිගැනීම ආරම්භ කරයි.

චීන රජය විසින් e sports නිල වෘත්තියක් ලෙස පිලිගැනීම ආරම්භ කරයි.

 මේ නෙව්ස් එකනම් game play කරන අයටනම් නෙව්ස් එකක් වෙයි.

 2003 නොවැම්බර් සිට චීන රජය විසින් e sports නිල ක්‍රීඩා වැඩසටහනක් ලෙස පිලිගැනීමට පටන් ගත්තා.

ලෝකයේ විවිධ රටවල පවතින e sports ක්‍රීඩා තරඟ හා mobile gaming වල ජනප්‍රියත්වයත් සමග චීන රජය වෘත්තීය පරිගණක ක්‍රීඩා ක්ශේත්‍රයේ දියුණුව වෙනුවෙන් ක්‍රියාමාර්ග රාශියක් ගනු ලැබුවා.

2018දි චීන නගර රාශියක් තමන්ගෙ ඉදිරි නගර සැලසුම් තුල e sports දියුණු කිරීමට පියවර ගෙන තිබෙනවා .

උදාහරණයක් විදිහට Shanghai නගරය ලෝකයේ e sports වල අගනගරය වෙන්න සැලසුම් කරනව වගේම Hong Kong වල ආසියාවෙ ලොකුම e sports සංකීර්ණය ඉදි කරනු ලැබුවා.

ඉතින්  චීන රජයෙ අර්ථ දැක්වීමට අනුව e sports වෘත්තිකයන් ලෙස කාණ්ඩ කීපයක් හඳුන්වල දීල තියනව.

e sports ක්‍රීඩකයන්, Content Creators සහ e sports තරඟ සංවිධායකයින් ඒ අතරින් කීපයක්.

2021 අවුරුද්දේ පෙබරවාරි 19, චීන රජයේ මානව සම්පත් හා සමාජ ආරක්ෂණ අමාත්‍යංශය(CMHRSS) කරපු නිවේදනයකට අනුව තමා, 

මේ විදිහට e sports නිල වෘත්තියක් විදිහට චීන රජය සලකනව කියල ප්‍රකාශ කලේ. මේ විදිහට පිලිගන්නෙ මට්ටම් 5කට බෙදල.

ඒ එක් එක් පුද්ගලය ලබා තියන ජයග්‍රහණ හා ඒ පුද්ගලයගෙ performance මතයි. ඒ අනුව Level 5 ආරම්භක මට්ටමත් Level 1 ඉහලම මට්ටමත් ලෙස

සැලකෙනවා.

IDM- buy aluthsl

ඉහල level එකකට ක්‍රීඩකයෙක්ට promote වෙන්නත් මේ සමග අවස්ථාව ලැබෙනවා.

උදාහරණයක් විදිහට ක්‍රීඩකයෙක්ට Level 1 වලට promote වෙන්න ඕනනම් ඒ ක්‍රීඩකයා Level 2 සහතිකය ලබාගෙන වසර 4ක් ක්‍රීඩා කර තිබීම හෝ

ජාත්‍යන්තර තරඟයක් ජයග්‍රහණය කර තිබිය යුතු වෙනවා. ඒත් සමග අනෙකුත් ක්‍රීඩකයන්ට සමාජයේ විවිධ තැන්වල ලැබෙන වරප්‍රසාද e sports වෘත්තියකයන්ටද ලබාගත හැකියි.

මේ තීරණය සම්බන්ධයෙන් විවිධ පාර්ශව පක්ශ විපක්ශ අදහස් දෙකම පලකරනවා.

මොනව උනත් e sports වලට රජයන්ගේ සහයෝගය ලැබෙන එක හොඳ ප්‍රවණතාවයක් වගේම

ඉතින්  ලෝකයේ අනෙක් රටවලුත් මේ විදිහට e sports වෙනුවෙන් නිල පිලිගැනීමක් ලබා දුන්නොත් ඉස්සරහට ඒ ක්ශේත්‍රය තවත් වේගයෙන් දියුණු වේවී. ඒ වගේම රටට හොද විදේශ විනිමයකුත් ගෙන්න පුළුවන්.

Related Articles