• April 23, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

ප්‍රථම වරට මිනිසෙකුට ඌරු හදවතක් සාර්ථකව බද්ධ කරයි

ප්‍රථම වරට මිනිසෙකුට ඌරු හදවතක් සාර්ථකව බද්ධ කරයි

ජානමය වශයෙන් සංවර්ධනය කරන ලද ඌරෙකුගේ හදවතක් ඇමෙරිකාවේ පුද්ගලයෙකුට සාර්ථකව බද්ධ කර ඇති බව විදෙස් මාධ්‍ය තොතුරු වාර්තා කරනවා. 

පසුගිය සිකුරාදා දිනයේදී මෙම සංකීර්ණ ශල්‍යකර්මය සිදුකර ඇති අතර එම ශල්‍යකර්මයට ලක්වූ පුද්ගලයාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් වෙමින් පවතින බව මාධ්‍ය තොරතුරු වාර්තා කරයි.

57 හැවැරිදි පුද්ගලයෙකුට මෙම ඓතිහාසික සැත්කම සිදුකර ඇත්තේ ඇමෙරිකාවේ මේරිලෑන්ඩ් වෛද්‍ය විශ්වවිද්‍යාලයෙනි.

“ඒක ජීවිතයකත් මරණයත් අතර සිදු කරන සැත්කමක්. මට ජීවත් වෙන්න ඕන වුණා. මම දන්නවා ඒක අඳුරේ එල්ල කරන පහරක්.

නමුත් ඒක මගේ අවසන් තේරීමයි” යැයි මෙම ශල්‍යකර්මයට භාජනය වූ ඩේවිඩ් බෙනට් එයට පෙරාතුව පවසා තිබුණි. 

එසේම ඌරු ඉන්ද්‍රියයන් මිනිස් ඉන්ද්‍රිය බද්ධ කිරීම සඳහා ගැලපෙන බවද පවසයි.මෙම බද්ධ කිරීම සාර්ථකව සිදු කළ බව එම වෛද්‍ය කණ්ඩායම මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙනවා.

2021 ඔක්තෝම්බර් මාසයේ දී නිව් යෝර්ක්හි ශල්‍ය වෛද්‍යවරුන් කණ්ඩායමක්, ඌරෙකුගේ වකුගඩුවක් මිනිසකුට සාර්ථකව බද්ධ කළ බව ප්‍රකාශ කළහ.

එම සැත්කම මෙතෙක් ශල්‍ය වෛද්‍ය ක්ෂේත්‍රයේ කෙරුණු දියුණුම අත්හදා බැලීම විය.

කෙසේ වෙතත්, එම අවස්ථාවේ දී අවයවය ලැබූ තැනැත්තා මොළය මියගොස් සිටි අයෙකු විය.

“අපි මෙහෙම දෙයක් කවදාවත් මනුස්සයෙක් යොදාගෙන කරලා නැහැ.

ප්‍රතිකාර දිගටම කරගෙන යනවාට වඩා හොඳ විකල්පයක් අපි ඔහුට දුන්නා කියලා හිතන්නයි මම කැමති,” ශල්‍ය වෛද්‍ය ග්‍රිෆිත් පැවසීය. “ඒත් ඔහු ජීවත් වෙන්නේ දවසක් ද සතියක් ද මාසයක් ද අවුරුද්දක් ද කියන්න නම් මම දන්නේ නැහැ.”

redmi sonicbass wireless earphones Price Sri Lanka

Related Articles