• April 24, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

පියාසර මෝටර් රථය පළමු වරට මගියෙකු සමඟ සාර්ථකයි ( Video )

පියාසර මෝටර් රථය පළමු වරට මගියෙකු සමඟ සාර්ථකයි ( Video )

මේ වන කොට ලෝකයේ පියාඹන මෝටර් රථ නිෂ්පාදනය ළිබඳව පර්යේෂණ පවත්වන ව්යාපෘති කිහිපයක් අතරින් ජපානයේ ‘ස්කයි ඩ්රයිව්’ ආයතනය සාර්ථක අත්හදාබැලීමක් කර තිබේ. ඔවුන් සැකසූ පියාඹන මෝටර් රථය පොළවට ඉහළින් ධාවනය කිරීමට එහිදී හැකියාව ලැබි තිබෙනවා.

පොළොවේ සිට මීටරයක්මීටර් 2ක් පමණ ඉහළින් සීමිත ප්‍රදේශයක මිනිත්තු 4ක පමණ කාලයක් මෙම පියාඹන මෝටර් රථය ධාවනය කිරීමට එය පැදවූ තැනැත්තාට හැකිවිය.

SkyDrive ආයතනයේ මෙම කටයුත්ත බාර ප්‍රධානියා වන ටොමොහිරො ෆුකුසාවා මහතා පැවසුවේ, මෙකී පියාඹන මෝටර් රථ 2023 වසර වනවිට සැබෑ ලෝකයට ගෙනඒමට හැකිවනු ඇති බවයි. නමුත් එය ආරක්ෂිතව සැකසීම තරමක් දුෂ්කර කාර්යක් බවද ඔහු  පවසා සිටියා.

ලෝකයේ පියාඹන මෝටර් රථ පිළිබඳව මේ වනවිට පර්යේෂණ ව්යාපෘති 100ක් පමණ ක්‍රියාත්මක  වෙනවා නමුත් එයින් කිහිපයක් පමණ ව්යාපෘතිවලදී විතරයි, මිනිසෙක් නංවාගෙන එය පොළොවෙන් ඉහළ ගමන්කිරීමට අවස්ථාව සැලසුණේ. මම හිතන්නේ බොහෝ දෙනෙකුට මේ පියාඹන මෝටර් රථ පදවන්න ආසා හිතේවි” යැයිද කීය.

මේ වනවිට SkyDrive ආයතනය සැකසූ පියාඹන මෝටර් රථය පියාසර කළ හැක්කේ, මිනිත්තු 10ක පමණ කාලයක් පමණි. නමුත් චීනය වැනි විශේෂඥයන් සිටින රටවල පිරිස එය තවදුරටත් වර්ධනය කළහොත් මිනිත්තු 30ක් පමණ කාලයක් පියාසර කළ හැකි වනු ඇති බව ටොමොහිරො මහතා පෙන්වාදෙයි.

විද්යුතයෙන් ක්රියාකරන, බාගත කළ හැකි සහ පියාසර කළ හැකි පහසුකම් සහිත මෙම මෝටර් රථරථවාහන තදබද සඳහා කදිම පිළියමක්ද වන්නේය. එක් එක් පුද්ගලයාට තනි වශයෙන් එය ධාවනය කළහැකි බැවින්, යානාව මෙහෙයවන්නකු වෙනුවෙන් වියදමක් දැරීමට සිදුනොවේ.

Related Articles