• April 25, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

Facebook සමාගම Meta ලෙස නම වෙනස් කිරීමට තීරණය කරයි. ( Video )

Facebook සමාගම Meta ලෙස නම වෙනස් කිරීමට තීරණය කරයි. ( Video )

ඔන්න Facebook සමාගම විසින් සිය සමාගම් නාමය වෙනස් කරන්න යන්නේ…. ?? 

ඊයේ දින එනම් ඔක්තෝබර් 28 දින පැවැත්වීමට වාර්ෂික සම්බන්ධක සමුළුවේදී Facebook සමාගමේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක අධ්‍යක්ෂක Mark Zuckerberg

විසින් සිය සමාජ මාධ්‍ය වේදිකා සහ සේවාවන් එකාබද්ධ කොට මව් සමාගමක් ලෙස ඉදිරිදැක්ම කරා ගමන් කරන බව ප්‍රකාශ කරනු ලැබුවා.

මේ අනුව  Facebook සමාගමේ අලුත් නම ලෙස “Meta” යන නම යෝජනා වී ඇති අතර, ඒ අනුව Facebook, Instagram, WhatsApp හා Oculus යන

සමාජ මාධ්‍ය සේවාවන් හි මව් සමාගම “Meta” ලෙස නම් වනු ඇති.

Meta සමාගමේ ඉලක්කය “Metaverse” යන නව සංකල්පය වෙත ගමන් කිරීම වන බවද සඳහන් වන අතර මිනිසුන්ට සම්බන්ධ වීමට, ප්‍රජාවන් සොයා ගැනීමට සහ

ව්‍යාපාර වර්ධනය කිරීමටද මෙම නව සංකල්පය ඔස්සේ කටයුතු කිරීම ඔවුන්ගේ අරමුණයි. ඒ සදහා මොවුන් ඉදිරි පරම්පරාවේ නිර්මාපකයින් පුහුණු කිරීම සදහා

ඩොලර් මිලියන 150 ක ආයෝජනයක් ද නිවේදනය කිරීමට කටයුතු කරනු ලැබුවා.

තවද  පසුගිය සතියේ සමාගම කියා සිටියේ එහි Metaverse ව්‍යාපෘතිය ගොඩනැගීම සඳහා යුරෝපය පුරා පුද්ගලයින් 10,000 ක් බඳවා ගන්නා බවයි.

“මෙතැන් සිට, අපි මුලින්ම Metaverse වන්නෙමු, පළමුව Facebook නොවේ,” යනුවෙන් ප්‍රධාන විධායක නිලධාරී Mark Zuckerberg සමාගමේ Oculus Connect

උත්සවය අතරතුර පැවසීය.

“කාලයත් සමග, අපගේ අනෙකුත් සේවාවන් භාවිතා කිරීමට ඔබට Facebook භාවිතා කිරීමට අවශ්‍ය නොවනු ඇත.”

මෙම සමාගම දෙසැම්බර් 1 වනදා නව Stock Ticker MVRS යටතේ වෙළඳාම් කිරීම ආරම්භ කරන බව Facebook මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

 

 

 

Related Articles