Skip to content
- December 22, 2024
- Last Update December 10, 2024 11:09 AM
- Sri Lanka
Google සමාගම විසින් Google Accounts ස්ව්යංක්රීයවම Delete කිරීමට තීරණය කරයි
Home - Tech News - Google සමාගම විසින් Google Accounts ස්ව්යංක්රීයවම Delete කිරීමට තීරණය කරයි
ඔන්න Google සමාගම විසින් Google Policy වෙනස් වීමත් සමග තව දැඩි තීරණයක් මේ වෙනකොර අරන් තිබෙනවා ,ඒ තමා ඔබ විසින් G mail, Google Drive, Google Photos ආදී සේවාවන් වලින් එකක් හෝ වසර දෙකක් තිස්සේ භාවිතා නොකළහොත්, Google සමාගම විසින් ගබඩා කරගෙන ඇති ඔබේ සියළුම දත්තයන් මකා දැමීමට Google සමාගම තීරණය කර තිබෙනවා.
මෙම ක්රියාවලිය 2021 වර්ෂයේ ජුනි 1 වන දින සිට ක්රියාත්මක වන අතර, 2023 ජුනි 1 වන දින සිට බලාත්මක වෙනවා.
ඉතින් ඔබත් මේ වෙනකොට G mail, Google Drive, Google Photos ආදිය වසර දෙකක් භාවිතා නොකර සිටීමෙන් වැලකිඉන්න නැත්තම් sorry ම තමා. 😀 එහෙමයි කියලා අවුරුද්දට එක පාරක් log වෙන්න එපා ,පොඩ්ඩක් නිතර නිතර පාවිචිචි කරන්න ඔයාගේ account එක.
තවද ඔබගේ Google Drive හි 15GB ඉක්මවා යනවනම් ඒවා deleted කර දැමීමටත් ඔවුන්නට බලතල තිබෙනවා එම නිසා 15GBඅඩුවෙන් ඔබේ දත්ත නිතරම තබාගන්න වග බලාගන්න. 15GB ඉක්මවා යන්නේනම් හැකි ඉක්මනින් Google One Storage වැඩි කරගන්න.
ඉතින් මේ අලුත්ම Google Policy එකෙන් ඔබට හානියක් නොවීමට නම්, ඔබ විසින් ඉඳහිට හෝ ඔබේ Google Account එක වෙත ප්රවේශ වීම සිදු කල යුතු අතර, මේ සම්බන්ධව දැනුවත් කිරීම් ඔබට ලබාදීමට Google සමාගම කටයුතු කරනු ඇති.
ඒ වගේම ඔබ Google Workspace, G-Suite Education Edition, හෝ G-Suit Non-profit Edition පරිශීලකයෙක් නම්, ඔබට මෙම අලුත් Google Policy එකෙන් බලපෑමක් නැති බවද මතක් කල යුතු අතර, ඉදිරියේදී ඔබ Google සේවා භාවිතා කරන්නේ නම්, මේ පිලිබඳව අවධානයෙන් සිටීම වැදගත් වනු ඇත.
Related