• March 29, 2024
  • Last Update March 18, 2024 9:04 AM
  • Sri Lanka

Sony සමාගමේ අලුත්ම Neckband Speaker එක ( Video )

Sony සමාගමේ අලුත්ම  Neckband Speaker එක ( Video )

මේ වෙනකොට බොහොමයක් දෙනා  Wireless Neckband පාවිචිකරන්න පුරුදූ වෙලා ඉන්නවා , සමහර විට ඔබත් මේ වෙනකොට Wireless Neckband භාවිතා කරනවා වෙන්න පුළුවන්.

ඉතින් කවුරුත් දන්න  සමාගමක් වන Sony සමාගම  විසින් වෙනස් අත්දැකීමක් එක්ක හරි අපුරු හුරුබුහුටි Wireless Neckband එකක් හදුන්වලා  දී තිබෙනවා.

මෙය නම් කර තිබෙන්නේ SRS-NB10 Wireless Neckband Speaker ලෙස 

බැලුබැල්මට නම් හිතෙන්නේ  අපි බාවිතා කරන Neckband වල වගේ කණට ගහන earbuds කොටස මෙහි ඇති බවයි , නමුත් 

Wireless Neckband එකේ Speaker එකක් තමා බලාගන්න තියෙන්නේ.

එක ටිකක් වෙනස්ම අත්දැකීමක් අනිත් Wireless Neckband  එක්ක බලුහම. ?

SRS-NB10 Wireless Neckband Speaker Sri Lanka.png

Sony සමාගම පවසන අන්දමට මෙහි ඇසෙන ශබ්දය ස්වභාවික පරිසරයෙන් නික්මෙන්නාක්  මෙන් ඇසෙන බවයි.

අනිත් හෑන්ඩ්ෆ්‍රී එක්ක බලුහම කනේ අමරු ඔලුවේ කැකුම් වැනි දේනම් මේ Sony SRS-NB10 Wireless Neckband Speaker එකෙන් නම් වෙන්නේ නැහැ කියලා අපිට කියන්න පුළුවන් .?

මෙහි වර්ණ ලෙස සුදු සහ කළු වර්ණ වලින් අපිට මිලිදී ගන්න පුළුවන් දැනට මිල ලෙස වාර්තා වෙන්නේ ඩොලර් 124.99 සිට 149.99 දක්වා මිලක් වෙළද පොලේ සදහන් වෙනවා.

Related Articles