• March 29, 2024
  • Last Update March 18, 2024 9:04 AM
  • Sri Lanka

TikTok App එක නිළ වශයෙන් Android TV සඳහා නිකුත් කරයි

TikTok App  එක නිළ වශයෙන් Android TV සඳහා නිකුත් කරයි

 ඔන්න TikTok  කරන අයට සහා බලන අයටනම් මේක ටිකක් සුභ ආරංචියක් Android TV  සඳහා ‍නිළ වශයෙන් TikTok app එකක් Google Play Store එක හරහා නිකුත් කිරීමට ByteDance ආයතනය කටයුතු කර ඇති බව මේ වන විට වාර්තා වෙනවා. 

මෙම app එක සාමාන්‍යය TikTok app එකට අතිශයින්ම සමාන වන බවත්, එක්සත් රාජධානියෙහි Samsung TV භාවිතා කරන්නන් හට මූලිකව නිකුත් කිරීමට කටයුතු කර ඇති බවත් වාර්තා වෙනවා. 

ඉතින්  සාමාන්‍යය TikTok app එකෙහි මෙන්ම සිරස් අතට play වන අතර, scroll කළ හැකි main feed එකකින් සමන්විත වන අතර  මේ app එකට video categories සහ profiles view කිරීමේ හැකියාව ද ඔබට ලැබෙනවා. තවද  මෙය භාවිතා කිරීම සඳහා TikTok සේවාව සමඟින් sign-in වීම අත්‍යාවශ්‍යය වන්නේ නැහැ. 

මේ app එක තවමත් රටවල් කිහිපයක පුද්ගලයින් හට ලබාගැනීමේ හැකියාව ලබාදී ඇති නමුත්, ‍බොහෝ රටවල් වල සිටින Android TV පරිශීලකයින් හට මෙය Download කරගැනීමේ හැකියාව තවමත් ලබාදී නොමැති බව වාර්තා වෙනවා. 

මේ අයුරින් Google Play Store එක හරහා තවමත් මෙය ලබාගැනීමට නොහැකි පරිශීලකයින් සඳහා APK download කරගෙන  එය TV එකට install කරගැනීමේ හැකියාව තිබෙනවා.. 

kaspersky buy online sri lanka

 

Related Articles