• April 27, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

Windows 11 තුළ Android Apps ධාවනය නවතියි

Windows 11 තුළ Android Apps ධාවනය නවතියි

මේ වෙනකොට  Microsoft සමාගම 2021 වර්ෂයේදි නිල වශයෙන් Windows 11 සංස්කරණයක් නිකුත් කරන බවට නිවේදනයකරනු ලැබුවා.

එහිදී Microsoft සමාගම විසින් Windows 11 සදහා ලබා දිමට නියමිතව පවතින ඉතාම වැදගත් Feature එක වෙන්නේ Android Apps Windows 11 මත ධාවනය කිරීමට ඇති හැකියාවයි.

කෙසේ නමුත් මේ වන විටත් Windows Insider Preview හරහා Windows 11 Beta සංස්කරණය මුදාහැර තිබුනත්, එහිදී ද මෙම Android Apps ධාවනය කිරීමේ හැකියාව ලබා දී නොමැති වෙනවා.

ඒ වගේම මේ වෙන විට Microsoft සමාගම විසින් Windows 11 Stable සංස්කරණය 2021 ඔක්තෝබර් 05 වන දින නිකුත් කරන බවට නිල වශයෙන් නිවේදනයකර තිබෙනවා.

නමුත් මේ Windows 11 Stable සංස්කරණය හරහාද ඔබට මෙම Android Apps ධාවනය කිරීමේ හැකියාව නොලැබෙනු ඇත බව  විදෙස් වෙබ් අඩවි වල සදහන් වෙනවා.

මේ වනවිටත් Microsoft Store එක තුලට Android Apps එකතු කිරීම සදහා Amazon හා Intel සමාගම් සමග එක්ව කටයුතු කරන බවත් Stable සංස්කරණය නිකුත් කර ඉදිරි මාස කිහිපය තුලදී Windows

Insidersලා හට මෙම Android Apps සහිත නව Microsoft Store එක නිකුත් කරන බවත් Microsoft සමාගමේ අළෙවිකරණ සාමාන්‍යාධිකාරී Aaron Woodman මහතා පවසා සිටිනවා.

ඒ අනුව ඔබ අප සියලු දෙනාම බලා සිටි මේ Android Apps ධාවනය කිරීමේ හැකියාව 2022 වර්ෂය වන තුරුම Windows 11 සදහා නොලැබෙනු ඇති බව මේ අනුව අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්.

 

Sri-Lanka-Software-Store

Related Articles