• April 28, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

Xiaomi සමාගමේ අලුත්ම Patent එක

Xiaomi සමාගමේ අලුත්ම Patent එක

ඔන්න  Xiaomi ආයතනය විසින් ලබා ගත්තු Patent එකට  ගැන  බොහොමයක් දෙනා මේ වෙනකොට කතා බහ වෙනවා.

ඒ මොකක්ද කියලා දන්නවද ?

ඇසෙචලන මගින්  බොරු කියනවද යන්න හදුනා ගැනීම හැකි ක්‍රමයක් ගැන.

ඉතින්  Xiaomi සමගම ලබා ගත්තු Patent එකට   බොරු Efficient විදියට හඳුනා ගන්න නව උපාංගයක් සැලසුම් කරමින් පවතිනවා. මේක වෙන්නේ මෙහෙමයි, හිතන්නකෝ කවුරුහරි මොනවහරි දෙයක් කියනවා; අන්න එතකොට මේ Device එක එයාගේ ඇස් වල කණීනිකාවෙ Movements Utilize කරලා එයා කියන්නේ ඇත්තක් ද බොරුවක් ද කියල තීරණය කරනවා.

හැබැයි ඉතින් අපේ එදිනදා ජිවිතේට මේක අත්හදා බලන්න ගියොත් කොහොම වෙයිද දන්නේ නැහැ..

ඉතින්  ITHome විසින් තවදුරටත් වාර්තා කර සිටින්නේ Xiaomi ආයතනය විසින් “Polygraph Method, Device, Mobile Terminal සහ Storage Medium” සඳහා patent බලපත්‍රය ලබා ගෙන ඇති බව ය.

මේ මගින් ඉහත තාක්ෂණය හෝ ක්‍රමය සඳහා බුද්ධිමය දේපළ අයිතිවාසිකම් මෙතැන් පටන් Xiaomi සතු වනු ඇත. මීට Telephoto Pan-tilt Camara එකක් අඩංගු වන අතර මෙය බොරු හඳුනා ගැනීමේ ක්‍රියාවලියේ දී මුහුණේ ඉරියව් ග්‍රහණය කර ගැනීම සහ ඇසෙහි කණීනිකාවෙහි චලනයන් නිරීක්ෂණය කිරීමට භාවිත වනු ඇත.

මෙම Camara එක මගින් මුහුණේ Image එකක් ලබා ගෙන ඉන් පසුව ඔහුගේ ඇසෙහි කණීනිකාවෙහි චලනයෙහි ගමන් පථය අධ්‍යනය කිරීම මගින් බොරු කියනවා කියන එකට අදාළ Conditions සපුරනවා ද බලනවා.

එමෙන්ම  අක්ෂි චලන සහ කණිනිකාවෙහි විස්තාරණය කියන්නේ කෙනෙක් බොරු කියනවද කියල බලන්න ගොඩක් උදව් වෙන දෙයක්. සාමාන්‍යයෙන් කෙනෙක් බොරුවක් කියද්දී එයාගේ කණීනිකාව ආරම්භක විශ්කම්භයෙන් 4%-8% ප්‍රමාණයකට විස්තාරණය වෙනවත් එක්කම ප්‍රශ්නය ඇසීමට පෙර පැවති අගය මෙන් අට ගුණයකින් ඇස් පිහ ගැසීම සිදු කරන බවටද අනාවරණය කර ගෙන තිබෙනවා. ඉතින් කවුරුහරි මේ ලක්ෂණ පෙන්නනවා නම් ඔහු කියන්නේ බොරුවක් වීමට වැඩි සම්භාවිතාවක් පවතිනවා.

Related Articles