Aluthsl
  • December 6, 2022
  • Last Update November 30, 2022 9:43 AM
  • Sri Lanka

ශ්‍රී ලංකාවේ නිපදවූ කේලම්කාරයෝ ( Video ) 🛩️

ශ්‍රී ලංකාවේ නිපදවූ  කේලම්කාරයෝ ( Video ) 🛩️

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියමුවන් රහිත ගුවන් යානා මෙරටදීම නිෂ්පාදනය සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන තිබෙනවා 2017 වසරේදී අකර්මණ්‍ය වූ මේ ව්‍යාපෘතිය අද වන විට යළි සක්‍රීය තත්ත්වයට පත් කිරීමට හැකි වෙලා.

එල්ටීටීඊ ත්‍රස්තවාදයට එරෙහි මානුෂීය මෙහෙම විජයග්‍රහණයෙන් නිමා කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව හමුදාවද ඉටුකළේ අද්විතීය මෙහෙවරක් ගුවන් ප්‍රහාර එල්ල කිරීමට අමතරව එම ප්‍රහාර වල සාර්ථකත්වය නිරීක්ෂණයට සහ ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරකම් සජීවී ලෙස දැක බලා ගැනීම සඳහා 111 සහ 112 වැනි නියමුවන් රහිත ගුවන් යානා බලඝන අමිල කාර්යභාරයක් ඉටු කළා.

ප්‍රථම වරට ගුවන් හමුදාවේ 11 වැනි බලඝණය ලෙස නියමු රහිත ගුවන් යානා බලඝණය 1996 වසරේ දී ආරම්භ කෙරුණේ හිඟුරක්ගොඩ ගුවන් හමුදා මූලික කඳවුරේ දී. ඊශ්‍රායලයේ නිෂ්පාදිත super scout වර්ගයේ නියමු රහිත යානයක් ප්‍රථම වරට ගුවන් තොරතුරු රැස් කිරීම සඳහා එහිදී යොදවනු ලැබුවා. Searcher Mark 2 වර්ගයේ යානයක් නියමුවන් රහිත ගුවන් යානා බලඝනයට එක්වුනේ ඉන් අනතුරුවයි.

එම බලඝණය 2008 වසරේ ජූලි 1 වෙනිදා සිට 111 වැනි නියමුවන් රහිත ගුවන් යානා බලගණය ලෙස වෙනස් කරනු ලැබුවා. එය පිහිටවනු ලැබුවේ වව්නියාව ගුවන් හමුදා කදවුරේ. 2009 න් විජයග්‍රාහීව නිමවූ මානුෂීය මෙහෙයුමේ දී මෙහෙයුමේ දී ඊශ්‍රායලයේ නිෂ්පාදිත Blue Horizon වර්ගයේ යානා හතරකින් සහ Searcher වර්ගයේ යානා දෙකකින් ගුවන් නිරීක්ෂණ සිදු කෙරුණා.

නියමුවන් රහිත ගුවන් යානයක් දේශීයව නිපදවිම සම්බන්ධයෙන් අවධානය යොමුවූයේ මානුෂීය මෙහෙයුමෙන් අනතුරුවයි. මූලික තාක්ෂණික දැනුම යටතේ එලෙස නිෂ්පාදනය කෙරුණු පළමු යානය එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත 2010 මැයි මස 19 වැනි දින ඉදිරිපත් කෙරුණා. නියමුවන් රහිත යානා මෙරටදීම නිෂ්පාදනය සඳහා 2011 වසරේ දී ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය අහිමිවීමෙන් පසු වූ UX 1 නැමැති යානය නිර්මාණය කෙරුණේ ගුවන් හමුදාවේ ඉංජිනේරු හා සැලසුම් නිර්මාණ ශිල්පීන් අතින්. දෑසට පෙනෙන මානයේ පැයක පමණ කාලයක් එය පියාසර කරවීමට ගුවන් හමුදාවට හැකි වුණා.

ඊට සමගාමීව යානය භූමියේ සිට පාලනය කළ හැකි පාලන මධ්‍යස්ථානයක් ද නිර්මාණය කෙරුණා. උසස් තාක්ෂණයෙන් යුත් පාලනයක මධ්‍යස්ථානයක් නිර්මාණය කෙරුනේ 2015 වසරේදී. ඒ වන විට UX කාණ්ඩයේ තවත් ඉදිරි පියවරක් තබමින් කිලෝමීටර් 5ක දුරකට පියාසර කරවිය හැකි යානා ද්විත්වයක් නිර්මාණය කර තිබුණා. අනතුරුව 2017 වසර වන විට SX කාණ්ඩය යටතේ තවත් නවතම යානා දෙකක් නිෂ්පාදනය කිරීමට ගුවන් හමුදාව සමත් වුණා.

IDM- buy aluthsl

මෙලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාව ක්‍රමයෙන් වැඩි දියුණු කළ නියමුවන් රහිත ගුවන් ගුවන් යානා නිෂ්පාදනය 2018 වසර ආසන්නවත්ම ක්‍රමයෙන් අකර්මණ්‍ය තත්ත්වයට පත්වුණා .ඒ මෙම ගුවන් යානා නිෂ්පාදන ව්‍යාපෘතිය කෙරෙහි එවක දක්වන ලද අඩු සැලකිල්ල හේතුවෙන්. එහි නිෂ්පාදන ක්‍රියාදාමය භාරව සිටි ඉංජිනේරු නිලධාරීන් හා තාක්ෂණ ශිල්පීන් වෙනත් කඳවුරු වෙත මාරු කෙරුණු අතර ඇතැම් නිලධාරීන් ගුවන් හමුදා සේවයෙන් විශ්‍රාම ගොස් විශ්ව විද්‍යාල හා වෙනත් ඉංජිනේරු ක්ෂේත්‍ර වල රැකියාවේ නිරත වුණා.

2019 වසරේ රජය බලයට පත්වීමෙන් පසු යළි මේ පිළිබඳ අවධානය යොමු කරමින් නියමුවන් රහිත යානා පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය කළුතර කටුකුරුන්ද කඳවුරේ නැවත ආරම්භ කිරීමට පියවර ගැණුනා. ඒ ගුවන් හමුදා සේවා සේවයෙන් ඉවත් වූ අත්දැකීම් සහිත නිලධාරීන් එහි සේවයට යළි කැඳවමින්.

අද වන විට මෙම ස්ථානයේ පර්යේෂණ හා නිෂ්පාදන කටයුතු සිදු කෙරෙන්නේ නියමුවන් රහිත ගුවන් යානා කර්මාන්තයක් ලෙස පවත්වාගෙන යාමේ අරමුණ පෙරදැරිවයි. මීට පෙර යානා නිෂ්පාදනයේ දී යොදාගත් තාක්ෂණය මේ වන විට සැලකිය යුතු ලෙස වැඩි දියුණු කිරීමට මෙම ඉංජිනේරුවන් හා තාක්ෂණ ශිල්පීන් සමත්ව සිටිනවා. දැන් නිපදවනු ලබන “ලිහිණියා” කාණ්ඩයේ යානා වල බඳ නිර්මාණය කෙරෙන්නේ ‘කාබන් ෆයිබර්’ අමුද්‍රව්‍ය වලින් එනිසාම සුසිනිඳු හා අනර්ඝ නිමාවක් මෙන්ම සැහැල්ලු බවක් යානයට ලබාදීමට හැකිවී තිබීම විශේෂත්වයක්.

‘Lihiniya Mark 1’ ලෙස හැඳින්වෙන නවතම යානා එකතුවේ එන්ජිම 80 cc ධාරිතාවකින් සමන්විතයි. ඉන්ධන ටැංකිය ලීටර් 15 කින් සමන්විත වන අතර ගුවන් පියාසැරියකදී පැයක් සදහා ලීටර් දෙකක ඉන්ධන දහනයක් සිදු වන බව නිලධාරීන් පවසනවා. යානයේ වැදගත්ම කොටස වන්නේ Electronic පාලන පද්ධතියයි. ඉංජිනේරු නිලධාරීන් ප්‍රකාශ කරන්නේ ඉතා අධික මිලෙන් යුතු කේබල් සහ Military කාණ්ඩයේ සම්බන්ධතා කොටස් වලින් මෙම පද්ධතිය සමන්විත වන බවයි.

කිලෝ 52 ක පමණ බරකින් යුතු Lihiniya Mark 1 යානය ගුවන් ගත කිරීම සඳහා මීටර් 250 ක පමණ ධාවන පථයක් ප්‍රමාණවත් බව ගුවන් හමුදාව පවසනවා. මෙම යානා හැසිරවීමට මෙහෙයුම් අණ දෙන නිලධාරියෙකු යටතේ ගුවන් නියමුවන් හා කැමරා ක්‍රියාකරුවෙකු සිටින අතර නියමුවන් සහ තාක්ෂණ ශිල්පීන් පුහුණු කිරීමේ ක්‍රියාදාමය මේ වන විටත් ක්‍රියාත්මකයි. Air Commodore මොහාන් බාලසූරිය සමස්ත ව්‍යාපෘතිය භාරව සිටිනවා.

ඔහු 1996 වසරේ පළමු වරට නියමුවන් රහිත යානා මෙරටට ගෙන්වීමේ දී ඊශ්‍රායලයේ දී පුහුණුව ලැබූ නිලධාරියෙක්. දැන් අප සිටින්නේ නියමුවන් රහිත යානා නිෂ්පාදනය කර්මාන්තයක් ලෙස වර්ධනය වෙමින් පවතින මොහොතකයි. එමගින් Made in Sri lanka සන්නාමය ගුවන් ගුවන් යානා කර්මාන්තයේ ලොව ඉහලම තැනකට ඔසවා තැබීමට ද හැකි වනු ඇති. පිරිවැය ඉතා අධික කවුරු හරි මොකක් ක්ෂේත්රය කොල කොළ ගුවන් ගුවන් යානා කර්මාන්තය සඳහා මූල්‍යමය ශක්තිය ද අතිශය වැදගත්. දැන් ගුවන් හමුදාවේ අරමුණ වී තිබෙන්නේ ඒ පර්යේෂණ හා සංවර්ධන අදියරෙන් නිෂ්පාදන අදියරට ප්‍රවේශ වීමයි.

ඒ යටතේ මාස හතරකට යානා දෙකක් බැගින් නිෂ්පාදනය ඉලක්කයයි. මේ දක්වා දේශීයව නිෂ්පාදනය කළ ගුවන් යානා 8 කින් පියාසර පැය 162 කට වැඩි කාලයක් සම්පූර්ණ කිරීමට ගුවන් හමුදාව සමත්ව තිබෙනවා. එම යානා සාර්ථකව සිදුකර ඇති ගොඩබෑම් සංඛ්‍යාව 325 ක්. මේ දිනවල නව ගුවන් නියමුවන් දෙදෙනෙකු පුහුණු කිරීම ක්‍රියාත්මක අතර ඒ සමඟ යානා හසුරුවන නියමුවන් සංඛ්‍යාව පස් දෙනෙකු දක්වා ඉහළ නැංවෙනු ඇති.

දැනට පවතින නව යානා සමූහය දුරස්ථ පාලක මෙහෙයුම් මධ්‍යස්ථානයේ සිට කිලෝමීටර් 20ක දුරක් දක්වා පියාසර කරවා අවශ්‍ය ඡායාරූප හා දර්ශන සජීව ලෙස ලබාගත හැකියි. යානය සතු ඉතා දුර ස්ථාන නාභිගත කළ හැකි හා රාත්‍රී දර්ශන ලබාගත හැකි සංවේදී කැමරාව ඉතා ඉහළ වටිනාකමකින් යුක්තයි. (රු. කෝටියකට ආසන්න) දුරස්ථ පාලකය මගින් ගුවන්ගත කරන යානය පසුව පාලනය කරනු ලබන්නේ ජංගම පාලන මැදිරිය මගින්. එම පාලන මධ්‍යස්ථානයද ගුවන් හමුදාවේ ඉංජීනේරු ශිල්පීන්ගේ නිර්මාණයක්. එය දිවයිනේ ඕනෑම ස්ථානයකට රැගෙන යාමට ඇති හැකියාව විශේෂත්වයක් යානය කැමරාව හැසිරවීම සිදු වන්නේද මෙම පාලන මධ්‍යස්ථානයෙන්.

රටේ ජාතික ආරක්ෂාව යන විෂයේදී මුහුදු සීමාවන්හි ආරක්ෂාවට ප්‍රමුඛත්වය හිමි වනවා. ඒ සඳහා සාර්ථක විසඳුම ලෙස හඳුනාගෙන ඇත්තේ නියමුවන් රහිත ගුවන් යානා යි. සතුරු රේඩාර් පද්ධති වලට හසුවීමේ අවම අවදානම, සජීවී ඡායාරූප හා දර්ශන සහිත තොරතුරු වේගයෙන් ලබාදීමට හැකිවීම, අවම වියදම, ගුවන් නියමුවන්ට අවදානම් රහිත වීම සහ දිගු දුර විමර්ශන සඳහා යෙදවීමේ හැකියාව යන කරුණු මත නියමුවන් රහිත යානා ආරක්ෂාව යන විෂයෙහි සාර්ථක වී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ විවිධ ජාවාරම් සිදු වන කලාප අතරින් දකුණු පළාත විශේෂිතයි.

ඒ අනුව මත්තල හෝ වීරවිල ගුවන් හමුදා කඳවුරු මූලික කොටගෙන එම කලාපයේ නියමුවන් රහිත යානා මෙහෙයුම් සිදුකිරීමට අපේක්ෂිතයි. එමෙන්ම රට අභ්‍යන්තරයේ සිදුවන කංසා වගා, ගස් කැපීම, වැලි ගොඩදැමීම ඇතුළු අනවසර ක්‍රියා හඳුනා ගැනීමටද නියමුවන් රහිත යානා යෙදවෙනු ඇති. අම්පාර දිස්ත්‍රික්කයේ ඇතුළු නැගෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයක් ද එම නිරීක්ෂණ කලාපයට ඇතුළත්. ඊට අමතරව මන්නාරම සහ පුත්තලම සිට මීගමුව දක්වා මුහුදු කලාප කෙරෙහිද ව්‍යාපෘතියේ අවධානය යොමුව තිබෙනවා. නියමුවන් රහිත ගුවන් යානා මධ්‍යස්ථානයේ සිට හැසිරවිය කළ හැකි කිලෝමීටර් 20ක සීමාව කිලෝමීටර් 50ක් දක්වා දියුණු කිරීමටත්, පසුව එය කිලෝ මීටර් 100 ක් දක්වා වර්ධනය කිරීමටත් දැන් පර්යේෂණ ක්‍රියාත්මකයි. 

 

 

උපුටා ගැනීම Engineering අපි

 

 

Related Articles