• March 28, 2024
  • Last Update March 18, 2024 9:04 AM
  • Sri Lanka

Apple Desktop පරිගණක නව පෙරළියකට Mac Studio – Video

Apple Desktop පරිගණක නව පෙරළියකට Mac Studio – Video

ඔන්න  Apple සමාගම විසින් Mac Studio නමින් නව Mac පරිගණකයක් Peek Performance event එක හරහා එලිදැක්වීමට කටයුතු කර තිබුනා.

මීට පෙර නිකුත් වූ leaks සහ product renders වලට බෙහෙවින් සමාන වූ Mac Studio එක Mac Mini දෙකක එකතුවක මෙන් හැඩයක් ගනු ලබනවා.

ඉතින් මේ Mac Studio පරිගණකය Thunderbolt 4 ports 4කින්ද, 10Gb Ethernet port එකකින්ද, USB-A ports දෙකකින්ද, HDMI Ports එකකින්ද සමන්විත වන අතර pro audio jack එකකින්ද සමන්විත වනවා.

මෙය පුදුමයට කාරණාවක් නොවන්නේ 2021දී එලිදක්වන ලද නවතම MacBook Pro මාදිලි දෙක සඳහාද වෙනදාටත් වඩා වැඩියෙන් ports කිහිපයක් ලබා දී තිබීම හේතුවෙනි.

කෙසේ නමුත් Apple සමාගම විසින් තම පාරිභෝගිකයන්ගේ අදස් වලට සහ ඉල්ලීම් වලට ඇහුම්කන් දෙමින් ඔවුන්ට අවශ්‍ය දෑ ලබා දීමට කටයුතු කර තිබෙන බව නම් දක්නට ලැබෙනවා. ?

ඉහත දැක්වූ ports වලට අමතරව ඉදිරිපසින් තවත් ports දෙකක් දක්නට ලැබෙන අතර M1 Max chipset එක මඟින් බලගැන්වෙන Mac Studio මාදිලිය සඳහා එය 10GB/s USB-C 3 මාදිලියේ ports දෙකක්ද M1 Ultra chipset එක මඟින් බලගැන්වෙන මාදිලිය සඳහාThunderbolt 4 මාදිලියේ ports දෙකක්ද බැගින් ඇතුලත් කර තිබෙනවා.

M1 Ultra යනු Apple සමාගමේ M1 chipset පවුලට එකතු වන නවතම chipset එක වන අතර, මීට පෙරදී Apple සමාගම විසින් එලදක්වා ති​බූ බලවත්ම desktop මාදිලියේ පරිගණකය වන Intel Xeon chip එක හරහා බලගැන්වෙන Mac Pro එකට වඩා 80%ක වේගයක් ලඟා කරගැනීමට සමත්වී ඇත.

M1 chipset එක හරහා බලගැන්වෙන Mac Pro මාදිලියක් මේ වනතරුත් එලිදක්වා නමැති අතර ඊට පෙර එලිදැක්වූ Mac Studio පරිගණකය මේ ආකාරයෙන් වේගවත් සහ බලවත් න​ම් ඉදිරියේදී එලිදැක්වීම​ට දැක්වීමට නියමිත Mac Pro මාදිලිය කෙතරම් බලවත් වේදැයි වේගවත් වේදැයි අපට සිතා ගත හැකියි.

මේ නව Mac Studio එක Wi-Fi 6 සහ Bluetooth 5 යන පහසුකම් වලින් සමන්විත වන අතර M1 Max මාදිලියේ chipset එකෙන් බලගැන්වෙන Mac Studio මාදිලිය සඳහා 64GB unified memory එකක්ද, M1 Ultra මාදිලියේ chipset එක මඟින් බලගැන්වෙන Mac Studio මාදිලිය සඳහා 128GB unified memory එකක්ද ලබා දී තිබෙනවා.

මෙම පරිගණකය කෙතරම් වේගවත්ද සහ බලවත්ද යන්න පවසනවා නම් මේ හරහා 8k Pro Res 422 video 18 එකවර stream කිරීමේ හැකියාව පවතිනවා.

මෙම අනර්ඝ පරිගණකය මේ වෙනකොට  pre-order කල හැකි අතර මාර්තු 18 සිට මිලදී ගැනීමේ හැකියාව පවතිනව.

M1 Max සහ M1 Ultra මාදිලි වල ආරම්භක මිල ගණන් පිලිවෙලින් ඇමරිකානු ඩොලර් 1,999ක් සහ ඇමරිකානු ඩොලර් 3,999ක් ලෙස මිල කර තිබෙනවා.

හැබැයි ඉතින් දැන් ලංකාවේ ඩොලර් එකේ තත්වේ අනුව $1,999- $3,999 කියන්නේ ලොකු ගාණක් ?

Related Articles