• October 22, 2024
  • Last Update October 21, 2024 2:21 PM
  • Sri Lanka

ChatGPT Windows වලට Install කරමු ද ?

ChatGPT Windows වලට Install කරමු ද ?

 ඔන්න OpenAI සමාගමෙන් නිකුත් කරන ChatGPT අපිට මෙතෙක් පරිගණකයෙන් භාවිතා කරන්න පුලුවන් උනේ වෙබ් අඩවිය හරහා පමනයි.  ඉතින් දැන් Windows app එකක් මේ සදහා නිකුත් කර තිබෙනවා. එය දැන් ඔබට Microsoft store එක හරහා බාගත කරගන්න පුලුවන්. තවද mac භාවිතා කරන පරිශිලකයන්දට මෙම අවස්ථාව හිමි වේ.

මේ ඇප් එක Windows 11 සහ 10 යන මෙහෙයුම් පද්ධති දෙක සදහාම සහය දක්වනවා. මේ ඇප් එක Alt + Space shortcut එක භාවිත කරල පහසුවෙන් Open කරගන්න පුලුවන්. මේ App එකත් වෙබ් අඩවියෙන් වැඩ කරනවා හා සමානව වැඩ කරනවා. මේ ඇප් එක තවත් window එකකින් අප වැඩ කරන විට ඒ මතින් Open කරගෙන Multitasking වැඩ කරගන්න පුලුවන්. ඒ වගේම අපිට file add කරගන්න drag & drop පහසුකම යටතේ කරගන්න පුලුවන්.

ChatGPT App එක  CPU භාවිතයත් ඉතාමත් අඩුවෙනුයි ලබාගන්නෙ. කෙසේ නමුත් මෙම app එක දැනට භාවිතා කරන්න පුලුවන් ChatGPT Plus, Team, Enterprise, සහ Education සංස්කරණය බාවිතා කරන පරිශීලකයන්ට පමනයි.  download කරගන්න මෙතන click කරන්න.  

 

 

Windows Keys

Related Articles