• September 17, 2024
  • Last Update September 3, 2024 11:08 AM
  • Sri Lanka

Play store තුළ ඇති අක්‍රීය Apps Delete කරන බව දන්වා සිටී

Play store තුළ ඇති අක්‍රීය Apps Delete කරන බව දන්වා සිටී

ඔන්න  ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත Android 15 හි live threat detection නම් spam apps, permission අනවශ්‍ය ලෙස භාවිත කරන apps හදුනා ගැනීමට නව AI විශේෂාංගයක් හදුන්වා දීමට නියමිතය. කෙසේ වෙතත්, මෙම විශේෂාංගය Play store හි දැනටමත් ලබා ගත හැකි අනිෂ්ට යෙදවුම් (Malware) හඳුනා ගැනීමට සහ ඉවත් කිරීමට පමණක් උපකාරී වේ.

ඉතින් මේ නිසා 2024 අගෝස්තු මස අවසානය පමණ වන විට, එනම් අගෝස්තු 31 වන විට Google Play Store තුළ අක්‍රීය තත්වයේ පවතින application ඉවත් කරන බව google සමාගම දන්වා සිටියා.

අක්‍රීය තත්වයේ යනුවෙන් අදහස් වන්නෙ,

Text හෝ pdf පමණක් අන්තර්ගත apps
ඉතා කුඩා අන්තර්ගතයක් සහිත apps
ක්‍රියාකාරී නොවන apps.

මීට පෙරද Google Security Blog ට අනුව ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීම සහ පරිශීලකයින්ගේ ආරක්ෂාව අවදානමට ලක් කිරීම හේතුවෙන් 2023 දී apps මිලියන 2.28 ක් පමණ සේවාවෙන් අවහිර කර තිබුනා. එපමණක් නොව, apps ඉදිරිපත් කිරීම් 200,000ක් පමණ ප්‍රතික්ෂේප ද විය.

ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීම් සහ වංචා සහ අනිෂ්ට මෘදුකාංග පිළිබඳ සැකය හේතුවෙන් 2023 දී google play account 333,000 ක් තහනම් කර ඇති බව google සමාගම වාර්තා කරනවා.

කොහොම නමුත්  ඉවත් කිරීම් වලට අනුව Google ප්‍රතිපත්තිවලට අනුකූල නොවන download මිලියන ගණනි​න් ඇති apps පවා Google Play store තුළින් ඉවත් විය හැක. 2020 දී Google සමාගම විසින් එසේ ක්‍රියාකාරී වීමෙ ගැටලු හේතුවෙන් මිලියනයක් පමණ download කළ Mitron application එක Google Play store තුළින් ඉවත් කිරීමට කටයුතු කළා. ඉතින් සංවර්ධකයින්ට Google ප්‍රතිපත්ති වලට අනුකූල වීමට සති හයක කාලයක් ලබා දී ඇත.

Related Articles