Skip to content
- April 2, 2023
- Last Update March 17, 2023 12:22 PM
- Sri Lanka
Elon Musk ගෙන් ඩොලර් බිලියන 43 ලන්සුවක්
twitter හෙවත් කෙටි පණිවුඩ මගින් සංවාදයේ නිරතවිය හැකි twitter සමාජ මාධ්‍යය වේදිකාව සම්පූර්ණයෙන් මිල දී ගැනීම සඳහා ලොව ධනවත්ම පුද්ගලයා වන ටෙස්ලා ආයතනයේ ප්‍රධානී Elon Musk ඩොලර් බිලියන 43ක ලන්සුවක් ඉදිරිපත් කර තිබෙනවා.
මිලියන 200කට අධික ලෝක ජනතාව භාවිත කරන twitter සමාජ මාධ්‍යය ප්‍රජාතන්ත්‍රවාදයේ අංගයක් වන අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ප්‍රචලිත කිරීම සඳහා යොදාගත හැකි බවයි ඔහු සඳහන් කළේ.
කෙසේ නමුත් එය දැන් පවතින ආකාරයෙන් එම අරමුණ ඉටු නොවන නිසා twitter මිල දී ගැනීමට තීරණය කළ බව ඔහු කියා සිටියා.
ඒ සෑම හිමිකරුවෙකු සතු කොටසක්ම ඩොලර් 54යි ශත විස්ස බැගින් මිල දී ගැනීමේ යෝජනාවක් ඉදිරිපත් කරමින්.
එම යෝජනාව මේ වනවිට ජැක් ඩෝර්සිගේ twitter සමාජ මාධ්‍යයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සළකා බලමින් සිටිනවා.
කෙසේ නමුත් එහි ප්‍රධාන විධායක පරාද් අග්‍රවාල් කියා සිටියේ Elon Musk යෝජනාව නිසා twitter සමාගම ප්‍රාණ ඇපකරුවෙකු කිරීමට සූදානම් නොමැති බවයි.
Elon Musk දැනටමත් ට්විටර් සමාජ මාධ්‍යයේ සියයට 9.2ක කොටස් මිල දී ගෙන ඇත්තේ එහි විශාලතම කොටස් හිමියා ලෙසින්.
Related