• March 29, 2024
  • Last Update March 18, 2024 9:04 AM
  • Sri Lanka

Epic Games වෙතින් නත්තලට තෑගි ?

Epic Games වෙතින්  නත්තලට තෑගි ?

ඔන්න game ගහන ඔයාලට සුපිරි වාසියක්   Epic Games වෙබ් අඩවිය විසින් දැනටමත් සෑම සතියකම නොමිලේ games ලබාදීමට කටයුතු කරන අතර මීළඟ බ්‍රහස්පතින්දා සිට ඔබට සෑම දිනකම නොමිලේ games ලබාගැනීමට හැකියාව ඔවුන් ලබා දී තිබෙනවා.

පසුගිය වසරේදී මෙවැනිම promotion එකක් ලබා දුන් අතර  එවිට නොමිලේ Games 12 ක් නිකුත් කරනු ලැබුවා. මෙවර Epic free games program එක මඟින් දින 15 ක් තුළ නොමිලේ Games 15ක් ලබාදීමට සූදානම් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම Epic free games program එක සඳහා ඔබට සහභාගීවීමට අවශ්‍ය වන්නේ නොමිලේ නිර්මාණය කරගත හැකි Epic Games account එකක් පමණක් විම සුවිශේෂී කාරණයක් වෙනවා.

 Epic free games program එක හරහා ලබාදීමට නියමිතව ඇති Games පිළිබඳව තොරතුරක් තවමත් වාර්තා නොවන අතර මෙම promotion එක දෙසැම්බර් 17 වැනි බ්‍රහස්පතින්දා සිට දින 15 ක් තිස්සේ ක්‍රියාත්මක වීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙනවා.

නොමිලේ Games ලබාදීමට අමතරව, Epic Games ආයතනය විසින් ලබන සතියේ සිට holiday sales event එකක් ආරම්භ කිරීමට සූදානමින් සිටින අතර, ඒ හරහා games සිය ගණනක් සඳහා ඉතා ඉහල වට්ටම් ලබාගැනීමට හැකිවනු ඇතැයි ද වැඩිදුරටත් දැනගන්නට ලැබෙනවා.

Related Articles