• April 25, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

Google Pixel Watch එක ලීක් වෙයි

Google Pixel Watch එක ලීක් වෙයි

ඔන්න  කවුරුත් බලන් හිටිය Google Pixel Watch එකේ   ඡායාරූප කිහිපයක් මේ වෙනකොට අන්තර්ජාලයට නිකුත් වෙලා තියනවා.  ඡායාරූප ඇරගෙන තියෙන්නෙ ඇමරිකාවෙ කොතැනක හෝ අවන්හලකදී. මේ leak එක මීට වසර දහයකට විතර කලින් සිදුවුන iPhone 4 prototype එකේ leak එකට සමාන බවයි සදහන් වෙන්නේ.

 මේ leak කිරීම සිදු කරපු නිර්නාමික මූලාශ්‍රයට අනුව මේ watch එකේ packaging එකේ “internal testing and development only” ලෙස සටහන් කරල තිබිල තියනවා, ඒ වගේම “markings and packaging are not final” කියලත් සඳහන් වෙලා තිබෙනවා. ඒ කියන්නෙ අවසානයේ නිකුත් වෙන watch එක මේ prototype එකට වඩා සුළු වශයෙන් වෙනස් වෙන්න ඉඩ තිබෙනවා. ?

මේත් සමග charger එකක් තිබුනෙ නැතත් Pixel Watch එකේ පිටුපස බොහෝවිට wireless charging plate එකක් දකින්න පුලුවන් අපිට. 

හැබෑයි Google Pixel Watch හි specifications නම් වෙබ් අඩවි වල සදහන් වෙලා තිබුනේ නැහැ 

මීට සති කිහිපයකට Google විසින් “Pixel Watch” නමින් trademark එකක් සඳහා ඉල්ලුම් කරල තිබුනා. ඉහත සඳහන් කරපු leak එක සිදු වෙන්න කලින් මෙලෙස watch එකක් නිකුත් වෙන්න නියමිතයි කියල තිබුන හොඳම සාක්ෂිය තමයි ඒක.

Google Pixel Watch news

තවත් සමහර අය පළ කරන මතයක් තමයි මේ watch එක බලගැන්වෙන්නෙ Samsung Exynos chip එකකින් බව. සමහර විට Pixel Watch එක මැයි 11 ආරම්භ වෙන Google I/O 2022 සමුළුවේදී නිකුත් කරන්නත් ඉඩ තියනවා.

ඇතැම් වෙබ් අඩවි සදහන් කරන පරිදි Google Pixel Watch එක $300- $400 අතර මුදලක් වන බව සදහන් කර තිබෙනවා.

Related Articles