• March 29, 2024
  • Last Update March 18, 2024 9:04 AM
  • Sri Lanka

Snapchat වෙතින් Selfie Drone එකක් වෙලඳපොලට ( Video )

Snapchat වෙතින්  Selfie Drone එකක්  වෙලඳපොලට ( Video )

ඔන්න ගොඩක් දෙනෙක් දන්න Snapchat ආයතනය විසින් සීමිත සංස්කරණයක් විදිහට Pixy නමින් Selfie Drone යානයක් වෙලඳපොලට නිකුත් කරල තියනවා.

මෙය නම් කර තිබෙන්නේ Pixy ලෙසයි. මෙය ඕනම තැනක ගෙනියන්න පුළුවන් හුරුබුහුටි විදිහට තමා නිර්මාණය කර තිබෙන්නේ.

මේ Snapchat වෙබ් අඩවියේ විදිහට පෙර සකස් කරන ලද options ගණනාවක් භාවිතා කරල මේ drone එකට හැකියාව තියනව භාවිතා කරන්නා වටේ කක්ෂයක ගමන් කරමින් දර්ශණ පටිගත කරන්න හෝ එකතැන පාවෙමින් සිටින්න හැකියාව Selfie Drone එකට පුළුවන්.

ඉතින් Pixy හරහා පටිගත වෙන දර්ශන සියල්ල ඔබගේ Snapchat memories තුලට ඉබේම upload වෙනවා, ඒ තුලින් ඔබට මේ දර්ශන තවදුරටත් සංස්කරණය කිරීමේ හැකියාව ලැබෙනවා.

Pixy’s 12MP sensor එකක් සමග videos 100ක් සහ photos 1000ක් ගැනීමේ හැකියාව තිබෙන අතර 16GB drive එකක් ඔයාට මේ Pixy එකේ බලාගන්න පුළුවන්.

Snapchat ආයතනය විසින් දෙවනියට නිකුත් කරපු device එක තමයි Pixy drone එක.

මීට කලින් 2016 වසරෙ Spectacles නමින් ඔවුන් smart sunglass එකක් වෙලඳ පොළට නිකුත් කර තිබුණා.

කොහොම නමුත් සීමිත ප්‍රමාණයක් තමා මේ Pixy drone නිෂ්පාදනය කර තිබෙන්නේ දැනට විදෙස් වෙබ් අඩවි වල සදහන් වෙන්නේ ඇමරිකාවෙ සහ ප්‍රංශයේ පමණක් මේ Pixy drone එක අලෙවි කරන්න තමයි දැනට තීරණය කර ඇති බවයි සදහන් වෙන්නේ.

මෙහි මිල සදහන් වෙන්නේ $229.99-249.99 අතර මුදලක්. https://www.pixy.com/

 

Related Articles