• July 27, 2024
  • Last Update May 20, 2024 12:26 PM
  • Sri Lanka

අරංගයා

අනංගයා නෙමේ – මේ ශ්‍රී ලංකා අරංගයා

පොඩි වෙනසකටත් එක්ක අපි අද හිතුවා ලංකාවේ රතු දත්ත පොතේ සදහන් පක්ෂියෙක් ගැන කියන්න. එයා නමින්  ශ්‍රී ලංකා අරංගයා..පරිසරයේ සුන්දරත්වය ඔප්නැංවීම සඳහා සොබාදම විසින් පිරිනැමූ තිළිණයක් ලෙස කුරුල්ලන් අපට හදුන්වන්න පුලුවන්.. හැබැයි අපි නිතර දකින කුරුල්ලන්ට වඩා වෙනස් අය හැන දැනගන්න ඔයාලත් ආස ඇතිනේ.. ලංකාව තුල ද ඉතාමත් දුර්ලභ ගණයේ මෙන්ම සුන්දරත්වයෙන් මුල්තැන සිටින පක්ෂීන් රැසක් දැකගැනීමට පුලුවන්.. එහිදී ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන්ට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්. අපේ කතාවේ අද කථානායකයා.. ශ්‍රී ලංකා අරංගයා  ( Myophonus Blighi ) ශ්‍රී ලංකාවේ හෝර්ටන් තැන්න ප්‍රදේශයෙන් තමා මේ කුරුල්ලා වැඩි වෂයෙන් වාර්තා වෙන්නේ… පිරිමි සතුන්ගේ පාද නිල් පැහැ වන අතර, ගැහැනු සතුන්ගේ පා දුඹුරු පැහැතිය. මොවුන්ගේ ශබ්දය ඉතා මිහිරි නාදයකින් යුතු වන හෙයින් ‘WHISTLING THRUSH යන ඉංග්‍රීසි නාමයෙන්ද මෙම කුරුල්ලන් හඳුන්වනු ලබනවා.. Myophonus blighi යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන මෙම පක්ෂියා රතු ලැයිස්තු වර්ගීකරණයට අනුව වඳ වීයාමේ තර්ජනයට මුහුණ දී ඇති පක්ෂියෙක් කියලයි දැන් වාර්තා වෙන්නේ.. මොවුන්ගේ පිරිමි කුරුල්ලා පෙනුමින් කළු හා තද දුඹුරු පියාපත් වලින් ද දිලෙන නිල් පැහැයෙන් යුතු පැල්ලම් වලින්ද යුතු වෙනවා.කිරිල්ලිය දුඹුරු පැහැති යි. බොහෝවිට බිම වාසය කරන මෙම පක්ෂියා කුළෑටි හැසිරීමකින් යුතුයී. හැබැයි වැඩියෙන්ම කුළැටි වන්නේ ගැහැණු සත්ත්වයාලූ.. අරංගයා බොහෝවිට දිය පහරවල් හා දියඇලි ආශ්‍රිතව වාසය කරන්නට කැමැත්තක් දක්වනවා. මොවුන් ජනවාරි සිට මැයි මාසය දක්වා කාලය තුල බිත්තර රැක පැටවුන් බිහි කිරීම සිදු කරනවා. හෝර්ටන් තැන්න, නුවර එළිය, මස්කෙළිය, බොගවන්තලාව වැනි ප්‍රදේශයන් වලදී අරංගයා දැකගැනීමට හැකි  වෙනවා. දැනට අරංගයින් …