Skip to content
- October 10, 2024
- Last Update September 23, 2024 10:51 AM
- Sri Lanka
Xiaomi සමාගම වෙත දඩ නියම කිරීමට චීන රජය කටයුතු කරයි
Home - Tech News - Xiaomi සමාගම වෙත දඩ නියම කිරීමට චීන රජය කටයුතු කරයි
ලොව විශාලතම ජංගම දුරකථන නිෂ්පාදකයාවෙන Xiaomi සමාගම වෙත පසුගිය දිනකදි ඔවුන් විසින් සිදු කරන ලද වෙළෙඳ ප්‍රචාරණ නීති උල්ලංඝනය කිරීමක් සම්බන්ධයෙන් ඩොලර් 3,141ක පමණ දඩයක් පැනවීමට චීන රජයේ වෙළඳපල අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කටයුතු කර තිබෙනවා.
ඒ ඔවුන් විසින් චීනය තුල පළ කරන ලද අසත්‍ය ප්‍රචාරණ දැන්විමක් හේතුවෙනුයි. මෙහිදි ඔවුන් විසින් Redmi K30 5G Device එක සදහා නිකුත් කළ Promotion Image එකක මේ Device එක Samsung AMOLED Display එකකින් සමන්විත වෙන බවට ප්‍රකාශයට පත් කර තිබෙනවා. කෙසේ වෙතත් සත්‍ය වශයෙන්ම මේ Redmi K30 5G Device එක LCD Display එකකින් සමන්විත වෙනු ලබනවා.
මෙලෙස වැරදි තොරතුරු පළ කිරිම නිසා Xiaomi සමාගම වෙත මෙලෙස දඩ මුදලක් පැනවිමට කටයුතු කර තිබෙනවා.
Related