Skip to content
- December 27, 2024
- Last Update December 10, 2024 11:09 AM
- Sri Lanka
අනුමැතියකින් තොරව ගෙන්වූ Apple උපාංග අළුත්වැඩියා තහනමට
Home - Tech News - අනුමැතියකින් තොරව ගෙන්වූ Apple උපාංග අළුත්වැඩියා තහනමට
ශ්‍රී ලංකාවට ජංගම දුරකතන ඇතුලු සන්නිවේදන උපකරණයන් ආනයන කිරීමේදී ඒවා රට තුල භාවිතා කිරීමට නම් විදුලි සංදේශ නියාමන කොමිසමේ අනුමැතිය හිමිවිය යුතු යැයි නීති විදිවිධාන පවතින බව ඔබ අප හොදින්ම දන්නා කාරණාවක් වෙනවා.
මේ වන විට විදුලි සංදේශ නියාමන කොමිසම විසින් ඔවුන්ගේ නීති විදිවිධානයන් වල භාවිතාව වැඩි කිරීමට තීරණය කර ඇති අතර ඔවුන් විසින් මෙරටට ආනයනය කල TRCSL අනුමැතිය නැති ජංගම දුරකතනයන් හෝ TRCSL අනුමැතිය අවශ්‍ය වෙනත් උපාංග වල දෝෂ මතුවුවහොත් ඒවා වල warranty claim කිරීම හෝ අලෙවියෙන් පසු සේවාව ලබාදීම සඳහා ඒ රට වලට යලි යැවීම සඳහා ප්‍රතිඅපනයන හෙවත් re-export බලපත්‍රය ලබා දීම සහ එලෙසින් යැවූ ජංගම දුරකතන යලි ආනයන කිරීම සඳහා වන බලපත්‍රය සහ නව දුරකතනයේ IMEI අංකය ලියාපදිංචි කිරීම සිදු නොකරන බවට අපට වාර්තා වී තිබෙනවා.
ඉතින් මේ අනුව අපි කවුරුත් දන්න GENXT ආයතනය විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, මින් ඉදිරියට විදුලි සංදේශ නියාමන කොමිසමේ අනුමැතිය සහ ලියාපදිංචිය නැති Apple සමාගමේ නිෂ්පාදිත උපාංග සඳහා ඔවුන් විසින් අළුත්වැඩියා කිරීමේ සේවය ලබා නොදෙන බවයි.
ඒ අනුව GENXT ආයතනය විසින් ඉල්ලා සිටින්නේ විදුලි සංදේශ නියාමන කොමිසමේ ලියාපදිංචිය නැති Apple උපාංග අළුත්වැඩියාව සඳහා ඔවුන් වෙත රැගෙන ඒමෙන් වැළකී සීටින ලෙසටයි
මෙම තීරණය හේතුවන් අපහසුතාවයට පත්වන Apple උපාංග භාවිතා කරන පරිශීලකයන්ට සිදු වන අපහසුතාවයට ඔවුන් සිය කණගාටුව පල කර තිබෙනවා.
Related