WhatsApp යනු ලෝකයේ දැනට විශාල වශයෙන් තොරතුරු හුවමාරු කරගැනීමට භාවිත වන ප්‍රධාන සමාජ ජාලාවන්වලින් එකක් ලෙස අපිට දක්වන්න පුලුවන්.
මෙහි ඇති විශේෂාංග බොහෝමයක් නිසා සහ භාවිතයේ පහසුව නිසා අද වන විට ලොවපුරා ජනප්‍රියතම Messaging App එක බවට WhatsApp පත්ව තිබෙනවා.
අද කියන්න යන්නේ WhatsApp තුල ඇති විශේෂාංගයක වැඩිදියුණු කිරීමක් ගැන.
WhatsApp මගින් අපි යැවූ පණිවිඩයක් යවන්නා සහ ලබන්නා යන දෙදෙනාගෙන්ම Delete කිරීමට ඇති “Delete For Everyone” පහසුකම කාලයක සිටම ලබාදී තිබෙනවා.
කෙසේ වෙතත් එහිදි අපට හැකි වුයේ යම් පණිවිඩයක් යවා මිනිත්තු 68ක් ඇතුළත Delete කිරිමේ හැකියාව පමණයි.
WhatsApp නිල Twitter ගිණුම ඔස්සේ සදහන් කර ඇති පරිදි පසුගිය අගෝස්තු 09 වනදා සිට යවන්නා සහ ලබන්නා යන දෙදෙනාගෙන්ම Delete කිරීමට ඇති “Delete For Everyone” පහසුකම භාවිත කිරිමට ලබාදී තිබු මිනිත්තු 68 කාලය, දින දෙකක් දක්වා දිර්ඝ කිරිමට ඔවුන් කටයුතු කර ඇති බවයි.
💭 Rethinking your message? Now you’ll have a little over 2 days to delete your messages from your chats after you hit send.
— WhatsApp (@WhatsApp) August 8, 2022
ඒ අනුව දැන් ඔබට ගතවු පැය 48 නැත්තම් දින දෙක තුල යැවු යවන්නා සහ ලබන්නා යන දෙදෙනාගෙන්ම Delete කිරිමට අවශ්‍ය පණිවිඩ Delete කිරිමේ හැකියාව ලැබෙනවා.