• March 28, 2024
  • Last Update March 18, 2024 9:04 AM
  • Sri Lanka

Windows 8.1සදහා සහය ලබන වසරේ නවතී.

Windows 8.1සදහා සහය ලබන වසරේ නවතී.

ඔන්න Windows 8.1  PC හෝ Laptop එකක මෙහෙයුම් පද්ධතිය ලෙස යොදාගෙන ඉන්නවනම් ඒක upgrade කරන්න කාලය ඇවිල්ල තියෙන්නේ ඔයාලට.

මොකද  Microsoft විසින් දැනුම් දීල තියෙනව Windows 8.1 සඳහා වන අවසන් update එක 2023 වසරේ ජනවාරි 10 නිකුත් වෙන්න නියමිතයි කියලා.

Microsoft සමාගම ප්‍රකාශ කරලා තියෙනවා ඉදිරියේදී Windows 8.1 users ලට මේ සහය දැක්වීම අවසන් කිරීම පිලිබඳව දැනුම් දීම මේ වෙනකොටත් ආරම්භ කරල තිබෙන බව.

කොහොම නමුත්  Windows 8.1 users ල දැනටමත් ඉන්නෙ ඉතා කුඩා පිරිසක්  නිසා  මේ යාවත්කාලීන කිරීම සිදුකිරීමට කලින් වගේ බල කිරීමට Microsoft ආයතනය සූදානමක් නැති බවයි.

 මීට කලින් Windows XP සහ Windows 7 වල සහය දැක්වීම නවත්වනකොටත් ඒ මෙහෙයුම් පද්ධති පාවිච්චි කරන විශාල පිරිසක් සිටියා. නමුත් ඒ මෙහෙයුම් පද්ධති වගේ Windows 8 එතරම් ජනප්‍රිය වුනේ නෑ,

එයට එකක් ප්‍රධාන හේතුවක් තමා නොමිලේ  ලබාදුන්න Windows 10 upgrade එකත් එක්ක අතිශය බහුතරයක් වූ Windows users ලා Windows 10 භාවිතයට පටන් ගැනීම .

තවද Windows 10 වලට 2025 වසර වෙනකන් සහය දක්වනව කියල Microsoft විසින් ප්‍රකාශ කර තිබෙනවා.

සහය දැක්වීම නැවැත්වුනාට පස්සෙත් Windows 8.1 කිසිම ප්‍රශ්නයක් නැතුව පාවිච්චිචි කරගෙන යන්න පුලුවන්, නමුත් කිසිම update එකක් ලැබෙන්නෙ නෑ. මෙහිදී Microsoft සමාගම පවසා තිබෙනවා 

පරිගණකයේ කරන සෑම දෙයක්ම ඒ ආකාරයෙන්ම දිගටම කරගෙන යාමට හැකියාව තිබෙනවා. කොහොම වුනත් Store එක 2023 ජූලි මාසයේ වසා දමනව කියලයි වාර්තා වෙන්නේ.

ඉතින් අපිට  ඔයාලා ට කියන්න තියෙන්නේ ගොඩක් අමාරු කාලයක් වුනත්, හිමිහිට පරිගණකය හා ලැප්ටොප් upgrade කරගෙන  windows 11 වලට මාරුවෙන්න කියලා තමා ?   

Windows 10 OEM KEY මිලදී ගන්න කැමති අයට මතනින්

 

Related Articles