මේ වෙනකොට රුසියාව සහා යුක්රේන් අර්බුදය නිසා ෆේස්බුක් සමාජ ජාලය අයත් මව් සමාගම වන Meta අන්තවාදී සංවිධානයක් ලෙසට රුසියානු මාධ්‍ය විසින් හඳුන්වාදී තිබෙනවා.
ඒ එම ජාලය තහනම් කරන ලෙසට මොස්කව් අධිකරණයක් ඊයේ ලබාදුන් නියෝගයට අනුවයි.
මේ අනුව මින් ඉදිරියට Meta ආයතනය හැඳින්වීමේදී අයි එස් සංවිධානය හැඳින්වෙන ආකාරයෙන්ම අන්තවාදී ව්‍යාපාරයක් ලෙස ප්‍රකාශ කල යුතු වනවා.
කෙසේවෙතත් මෙම තහනම් නියෝගය බලපැවැත්වෙන්නේ Facebook සහ Instagram සඳහා පමණක් වන අතර මෙටා සමාගම යටතේ පවතින WhatsApp සමාජ ජාලයට කිසිදු අවහිරයක් එල්ල වන්නේ නැහැ.