• July 27, 2024
  • Last Update May 20, 2024 12:26 PM
  • Sri Lanka

කවුරුත් බලා සිටි AirCar සදහා අනුමැතිය ලැබෙයි ( Video )

කවුරුත් බලා සිටි AirCar සදහා අනුමැතිය ලැබෙයි ( Video )

අපි ෆිල්ම් කාටුන් වලින් දකින දේවල් දැන් එන්න එන්න ඇත්ත වීගෙන යනවද මන්දා 😊

කුඩා ගුවන් යානයක් ලෙස පියාසර කළ හැකි මෝටර් රථයක් මේ වෙනකොට ලෝකේ නිෂ්පාදනය වෙලා තිබෙනවා.

ස්ලෝවැකියාවේ ගුවන් ගමන් පරීක්ෂණවලින් සමත් වූ බව CNN පුවත් සේවය වාර්තා කර තිබෙනවා. ස්ලෝවේකියානු ප්‍රවාහන අධිකාරිය පසුගියදා “AirCar ” ලෙස හඳුන්වනු ලබන මේ අපූරු මෝටර් රථයට නිල වශයෙන් සහතික පත පිරිනමා ඇත.

එම මෝටර් රථය පැය 70ක ගුවන් ගමන් වාර පරීක්ෂණය සාර්ථකව නිමා කරමින් මේ සහතිකය ලැබූ බව මෝටර් රථයක් සහ ගුවන් යානයක් ලෙස ක්‍රියාත්මක වන මේ විස්මිත නිර්මාණය සිදු කළ Klein Vision සමාගම ප්‍රකාශ කර තිබේ.

යුරෝපා ගුවන් සේවා ආරක්ෂක ඒජන්සියේ ප්‍රමිතියට අනුකූලව එය ගුවන් ගමන් පරීක්ෂණයේදී වාර 200ක් ගොඩ බෑම් සහ ඉහළ නැංවීම් සිදු කර ඇති අතර, එම අභියෝගාත්මක ගුවන් ගමන් පරීක්ෂණවලදී මෝටර් රථයේ සම්පූර්ණ කාර්යක්ෂමතාව පෙන්නුම් කර තිබෙනවා.

BMW මෝටර් රථ සඳහා භාවිත කරන1.6L එන්ජිමකින් සමන්විත ගුවන් මෝටර් රථය සාමාන්‍ය පෙට්‍රල් මගින් තමා ධාවනය වෙන්නේ . ඊට අඩි 18,000ක් ඉහළින් පියාසර කිරීමේ හැකියාව ඇති බවත්, තව මාස 12ක් ඇතුළත එය වෙළෙඳපොළට හඳුන්වා දෙන බවත් එම සමාගම ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් මේ ගුවන් මෝටර් රථය පැදවීමට ගුවන් නියමු බලපත්‍රයක් අනිවාර්ය වන බව ද CNN පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.

 

redmi sonicbass wireless earphones Price Sri Lanka

Related Articles