Skip to content
- March 28, 2023
- Last Update March 17, 2023 12:22 PM
- Sri Lanka
යුරෝපා කොමිසම විසින් USB-C Port අනිවාර්ය කෙරේ
මේ වෙනකොට වෙළදපොලේ ජංගම දුරකථන වල බොහොමයක් ම තිබෙන්නේ micro usb port එක ඔබට දැකගන්න පුළුවන්.
කෙසේ නමුත් යුරෝපා කොමිසම විසන් සියලුම ජංගම දුරකථන වලට usb-c port
ඇතුලත් කිරමට අනිවාර්යය කිරමට යෝජනා කර ඇති අතර මෙම යෝජනාව අනුමත වී ඇති බව වාර්තා වෙනවා.
මෙහෙදී usb-c port එක Tablet, ebook readers,protable devices වලටද අදාල වේ.
මෙම තීරණය අරගන තිබෙන්නේ electronic අපද්‍රව්‍යය එකතු වීම අවම කිරීම මෙන්ම ඕනෑම ජංගම දුරකථනයක් එකම ආකාරයේ cable එකක් භාවිතා කර charge කරගැනීමේ හැකියාව ලබා දීමටයි.
ඉදිරියේදී යුරෝපයීය රටවල් වල තමන්ගේ ජංගම දුරකථන අලෙවි කිරීමට අවශ්‍යය නම්, එම ජංගම දුරකථන නිෂ්පාදකයා හට USB-C port එකක් අදාල ජංගම දුරකථනයට ඇතුලත් කිරීමට සිදු වෙනවා.
මෙය Apple ජංගම දුරකථන වලට ද අදාල වන අතර ඔවුන්ගේ Lightning port එක වෙනුවට USB-C port එකක් ඉදිරියේදී නිකුත් කරනු ලබන iPhone සඳහා අන්තර්ගත කිරීමට Apple සමාගමට සිදු වෙනවා.මෙම වසරේ ජූලි – සැප්තැම්බර් අතර කාලය තුළ දී මීට අදාල නීති සම්පාදනය කිරීමට ඔවුන් බළාපොරොත්තු වන බව වාර්ථා වෙනවා.
Related