• April 28, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

ලොව ප්‍රථම Augmented Reality Laptop එක ( Video )

ලොව ප්‍රථම  Augmented Reality Laptop එක ( Video )

ඊශ්‍රායෙලයේ තාක්ෂණික සමාගමක් වන Sightful විසින් ලොව පළමු AR හෙවත් Augmented Reality පරිගණකයක් නිපදවා තිබෙන අතර මෙය Spacetop ලෙසයි නම් කර තිබෙනවා. 

මෙම පරිගණකයේ  Display  තිරයක් නැහැ. තිබෙන්නේ සාමාන්‍ය ලැප්ටොප් පරිගණකයක තිබෙන්නාක් වැනි යතුරුපුවරුව, සාමාන්‍ය Touchpad  එක සහ AR පළඳනාවක් පමණයි. එම පළඳනාව පැළැඳි විට, අඟල් සියයක වර්චුවල් ස්ක්‍රීනයක් තමා ඉදිරියෙන් මැවෙනව.

මරු නේ…  😉 

මෙම Virtual Screen ප්‍රක්ෂේපණය කරන කැමරා ඇසක් වැනි ‘ප්‍රොජෙක්ටරය’ යතුරු පුවරුවට ඉදිරියෙන් තිබෙනව. තමා ඉදිරියෙන් මැවෙන මෙම high density හෙවත් ඉතා පැහැදිලිව රූප දැකිය හැකි virtual screen, තවත් කොටස්වලට බෙදා ගෙන වැඩ ගණනාවක් එකවර කරන්න පුලුවන්.

සාමාන්‍ය LAPTOP  පරිගණකයක් තරම් වේගවත් මෙම පරිගණකය, ස්පේස්ටොප් (Spacetop) ලෙස නම් කර ඇත්තේ, පරිගණකය තබා ගෙන වැඩ කරන තැනින් ඉහළ අවකාශයට මෙහි තිරය ප්‍රක්ෂේපණය වෙන නිසයි.

මෙය හඳුන්වාදී ඇත්තේ ලොව පළමු Augmented Reality ලැප්ටොප් පරිගණකය ලෙසයි. සැබැවින් නොපවතින වටපිටාවක් පරිගණකගත උපාංග හෝ වෙනත් උපාංග හෝ යොදාගෙන නිර්මාණය කර (simulate) පෙන්වූ විට එම පරිසරය virtual (එනම් නොපවතින) පරිසරයක්.

aluthsl store

මෙම පරිසරය Augmented Reality ලෙස හඳුන්වනව. සැබෑ පරිසරය පෙනෙන අතරම ඒ මතට ඩිජිටල් වශයෙන් දියුණු කළ යම් යම් යෙඳුම් එක් කර පෙන්වීම AR යෙඳුමක් ලෙස හදුන්වනවා. එනම්, ස්වභාවික පරිසරය විනිවිද පෙනෙන සේ විවිධ මෙනු, ඩිස්ප්ලේ යනාදිය පිහිටු වීමයි.

සාමාන්‍ය ලැප්ටොප් පරිගණකයක් භාවිතා කරන විට එහි තිරයේ විශාලත්වය සීමා සහිතවීම නිසා කාර්යක්ෂමව වැඩ කිරීමේ හැකියාව අඩු වෙනව. ඒ වෙනුවෙන් විශාල ඩිස්ප්ලේ තිර හෝ ප්‍රක්ශේපන තිර යොදා ගැනීම කාටත් ප්‍රායෝගිකව කළ හැක්කක් නෙවෙයි.  ඒ අපහසුතා සියල්ල මඟ හරවන්නට Spacetop පරිගණකය සමත් වෙනව.

වෙනත් Augmented Reality උපාංගවලදී මෙන් මෙහිදී විශාල උපැස් යුවලක් පැළැඳීමට අවශ්‍ය නොවීම විශේෂත්වයක්. පැළැදිය යුත්ත සාමාන්‍ය උපැස් යුවලක් ප්‍රමානයේ තිබෙන්නෙ. ප්‍රමාණයෙන්ද බරින්ද එය විශාල නැත.

A user types on the Spacetop while wearing AR glasses.

 Spacetop පරිගණකයේ ක්‍රියාත්මක වෙන්නේ ඒ වෙනුවෙන්ම සැකසූ මෙහෙයුම් පද්ධතියක් මගින්. Microsoft teams, Google workspace වැනි වැඩසටහන් සියල්ල එහි ක්‍රියාත්මක කරන්න පුලුවන්.

Spacetop පරිගණකය specification සම්බන්දයෙන්  නිළ web අඩවියෙ නම් කිසිදු සදහනක් නොමැති අතර වෙනත් වෙබ් අඩවි වලනම් සදහන් වෙන්නේ Spacetop තුළ  Snapdragon 865 paired with an Adreno 650 GPU, 8GB RAM and 256GB storage, ලෙසයි.

 Spacetop එකක මිල $ 2000ක් වෙනවා. මෙම පරිගණකය නිෂ්පාදනය කර ඇත්තේ, ලැප්ටොප් පරිගණක නිෂ්පාදනයට ප්‍රකට තායිවානයේ wistron සමාගමයි. උපැස් යුවල නිෂ්පාදනය කර ඇත්තේ AR උපැස් නිෂ්පාදනයට ලොව ප්‍රකට චීනයේ xreal සමාගමයි.

Related Articles