• April 27, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

ගිනි ගත් Ferrari රථය කෝටි 60කට අලෙවි වේ

ගිනි ගත් Ferrari රථය කෝටි 60කට අලෙවි වේ

මීට වසර 63 කට පෙර පැවති මෝටර් රථ තරඟයකදී ගිනිගෙන දැඩි ලෙස හානියට පත් වූ ෆෙරාරි වර්ගයට අයත් මෝටර් රථයක් වෙන්දේසියකදී ඇමෙරිකානු ඩොලර් මිලියන 1.8 ක ( ශ්‍රී ලංකා රුපියල් කෝටි 60 ක පමණ)මුදලකට අලෙවි වී ඇත.

ෆෙරාරි 500 මොන්ඩියල් ස්පයිඩර් මාදිලියට අයත් මෙම මෝටර් රථය ඇමෙරිකානු ඩොලර් 1,875,000 ක මුදලකට වෙන්දේසියේදී අලෙවි වී තිබේ.මෙම මාදිලිය ඉතාලි මෝටර් රථ ධාවන ශූර Alberto Ascari 1952 සහ 53 වසර වල ෆෝර්මියුලා තරඟය පිට පිට ජයග්‍රහණය කිරීම සැමරීම සඳහා නිෂ්පාදනය කර ඇත.

රෝද පවා නොමැති මෙම වාහන සැකිල්ල මිලදී ගත් අයිතිකරු පවසා ඇත්තේ 1960 දශකයේ තිබූ තත්ත්වයට නැවතත් පත් කිරීමට අදහස් කරන බවයි.

Related Articles