• July 27, 2024
  • Last Update May 20, 2024 12:26 PM
  • Sri Lanka

world news inhala

ගිනි ගත් Ferrari රථය කෝටි 60කට අලෙවි වේ

මීට වසර 63 කට පෙර පැවති මෝටර් රථ තරඟයකදී ගිනිගෙන දැඩි ලෙස හානියට පත් වූ ෆෙරාරි වර්ගයට අයත් මෝටර් රථයක්…

ස්පාඤ්ඤයේ පර්යේෂකයන් විසින් ලොවට හෙළි කළ බිහිසුණු අනාවැකිය

ලෝකේ විනාශ වීම් ගැන සමර දේවල් චිත්‍රපටි වලින් බැලුවත් ඒවා හැබැවටම වෙනවා  කියන කොට කොයි කටත් පොඩි බයක් දැනෙනවා. ඉතින් ස්පාඤ්ඤයේ පර්යේෂකයන් පිරිසක් විසින්  ලොවට අනාවැකියක් පළ කර තිබෙනවා.   එනම්  වසර 2040 දී ලෝකයෙන් පහෙන් එකක් ගිලා බහිනවා බව. භූමි විෂමතා සම්බන්ධයෙන් විශ්ලේෂණයක් කළ ස්පාඤ්ඤයේ පර්යේෂකයන් පිරිසක් ලොවට හෙළි කළ බිහිසුණු අනාවැකියක් වන්නේ මෙයයි.  සිදුවන මෙම ව්‍යසනය ලෝක ජනගහනයෙන් මිලියන 635 කට එනම්, හැට තුන්කෝටි පනස් ලක්ෂයකට බලපාන බව පර්යේෂණ කණ්ඩායම එළිදක්වා ඇති වාර්තාවේ දැක්වෙනවා.  එයින් වැඩිදෙනා ආසියානු කලාපීය රටවල වැසියන්ය.    පර්යේෂණ කණ්ඩායම ලොවට ඉදිරිපත් කළ පර්යේෂණ වාර්තාවේ දැක්වෙන කරුණු කාරණා අනුව, අනාගතයේ සිදුවීමට නියමිත ඒ ව්‍යසනයෙන් සිදුවන හානිය අවම කර ගැනීමට, ව්‍යසනයට ගොදුරු වන එම රටවල් පියවර ගනීවි යැයි තමන් අපේක්ෂා කරන බව ද ස්පාඤ්ඤ පර්යේෂකයෝ පවසති.  පර්යේෂකයන් අනාවරණය කර ඇති අන්දමට, ලොව පුරා භූමි ප්‍රදේශ ගිලා බසින්නේ භූගත ජල මූලාශ්‍ර සම්පූර්ණයෙන් ම සිඳී යෑමේ ප්‍රතිඵලයක් වශයෙනි.  වනාන්තර විනාශය වැනි මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන්, ඉදිරියේ දී වැඩි වැඩියෙන් නියං තත්ත්වයන් ඇතිවන බවත්, ජල මූලාශ්‍ර වඩා වේගයෙන් සිඳී යෑම ඒ අනුව සිදුවනු ඇති බවත් පර්යේෂණ කණ්ඩායම පැහැදිලි කර තිබේ.  ලෝකයේ ජනගහනය වැඩිවෙත්ම, පරිසරයට සිදුවන හානිය ද වැඩි වන අතර, එය මානව වර්ගයාගේ විනාශයට හේතුවක් වනු ඇතැයි පවසනවා.   ‘සමස්තයක් වශයෙන් ගෙන සාර්ථකව ක්‍රියාවට නැංවිය හැකි නාය යෑම් හා ගිලාබැසීම් පිළිබඳ ප්‍රතිපත්ති මාලාවක් හා ක්‍රියාවලියක් සෑම රජයක්ම මගින් තම රට වෙනුවෙන් සකස් කිරීම ඉක්මනින් අවශ්‍ය වෙනවා. නාය යෑම්වලට, ගිලාබැසීම්වලට ලක්විය හැකි තැන් සොයා බලා සිතියම් ගත කිරීම අවශ්‍යයි.’ යැයි පර්යේෂකයන් කණ්ඩායම පැහැදිලි කර තිබේ.  පර්යේෂකයන්, නාය යෑම් හා ගිලා බැසීම් සිදුවිය හැකි තැන් කල් තියා හඳුනා ගැනීමටත් ඒ අනුව කළ යුතු දෑ ගැන ක්‍රමවේදයක් සකසා තිබේ.  ඊට ප්‍රාදේශීය වශයෙන් ඇති භූවිද්‍යාත්මක තොරතුරු, දේශගුණය, ජල ගැලීම් හෝ නියඟයට ගොදුරු වීමේ ප්‍රවණතාව, ගිලා බැසීම් හා නාය යෑම් ආදියට බලපාන මානව ක්‍රියාකාරකම් ගැන විස්තර, දත්ත සහිතව දක්වා තිබේ. මෙම පර්යේෂණයට සම්බන්ධ වී ඇත්තේ ස්පාඤ්ඤයේ භූවිද්‍යා හා පතල් කැණීම් පිළිබඳ ආයතනයේ ජෙරාර්ඩෝ හරේරා ගාෂියා ඇතුළු කණ්ඩායමය.  මේ පිළිබඳව ලොව පුරා සිදු කළ සමීක්ෂණ වාර්තා අධ්‍යයනය කිරීමෙන් හා රටවල් 34 ක තෝරා ගත් නාය යෑම් හා ගිලා බැසීම් අවස්ථා 200 ක් පමණ අධ්‍යනය කිරීමෙන් ද පසුව පර්යේෂණ කණ්ඩායම ඔවුන්ගේ පර්යේෂණ වාර්තාව සකසා ඇති බව පැවැසෙයි.  ඉතින් ඔබෙත් මගෙත් වගකීමක් හැටියට පරිසරය සිදුවන හානිය අවම කර ගතු වෙනවා. නැතහොත් අපගේ දරුවන්ට  ඉදිරියේදී  මෙවැනි විනාශයන් වලට මුහුණ දීමට සිදුවෙනු ඇත. …