• April 20, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

වැඩකරන කම්කරු අයිතීන් වෙනුවෙන් බිහිවූ කාන්තා දිනය

වැඩකරන කම්කරු අයිතීන් වෙනුවෙන් බිහිවූ කාන්තා දිනය

ඔයාලගේ දැනුමට තවත් වැදගත් ලිපියක් තමා අරන් අවේ ….

මේ කතා පුවත් ටිකක් විස්තරාත්මක වුවත් කෙටියෙන් තමා කියන්න හදන්නේ … ඒ අයිතීන් වෙනුවෙන් බිහිවූ කාන්තා දිනය ගැන. ?

1909 වර්ශයේ පෙබරවාරි 28 වනදා ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේදී අරුම පුදුම සිදුවීමක් සිදුවෙනවා.

ඒ මෙතුවක් කල් තමන්ගේ පාඩුවේ රක්ෂා කරගනිමින් සිටි “දුප්පත් කාන්තාවන්” 15,000 කට අධික පිරිසක් විදී බැසීමයි.

විශේෂයෙන්ම පහළ පන්තිවල කම්කරු කාන්තාවන් මෙසේ විදී බැස්සේ තමන්ගේ වැඩ කිරීමේ කාලය වැඩි බවත් එය අඩු කල යුතු බවත්, තමන්ට ලැබෙන පඩිය  වැඩි කරගැනීමටත් හා තමන්ට ඡන්ද අයිතිය හිමිවිය යුතු බවත්

ප්‍රකාශ කරමින් රජය හා තම හාම්පුතුන් දැනුවත් කිරීමටයි. මෙම රැළිය සංවිධානය කළේ එකල ඇමරිකාවේ පැවැති සමාජවාදී පක්ෂය විසින්.

International Women's Day

ඉන්පසුව 1910 වසරේදී මෙම සිදුවීම නැවතත් කරළියට පැමිණෙන අතර ජර්මානු ජාතික සමාජවාදී කාන්තාවක් වන Clara Zetkin විවිධ

රටවල් 17ක කාන්තාවන් 100ක් රැගෙන කෝපන්හේගන් නුවරදී මුලි වරට ජාත්යන්තර සමුළුවක් පවත්වනවා.

එහිදී මෙම මුල්ම සිදුවීම සිදුවූ දිනය “වැඩකරන” කාන්තාවන් වෙනුවෙන් නම් කල යුතුබව ඔවුන් කියා සි⁣ටිනවා.

මෙම කණ්ඩායම⁣ට රුසියානු කාන්තාවන් සම්බන්ධ වන්නේ 1917 වසරේදීයි. ඒ වනවිටත් කාන්තා දිනය වෙනුවෙන් නිශ්චිත දිනයක් නොතිබූ අතර

අප දැන් භාවිතා කරන ජෝර්ජියානු කැලැන්ඩරයේ මාර්තු 08 ඒ සඳහා යොදා ගනු ලබනවා.

කෙසේ නමුදු තනි තනිව කණ්ඩායම් වශයෙන් පවත්වාගෙන ආ මෙම “වැඩකරන කාන්තාවන්” වෙනුවෙන් වූ දිනය 1975 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලියාපදිංචි කරමින් ජාත්යන්තර දිනයක් බවට පත් කරනු ලබනවා. “වැඩකරන කම්කරු”

කාන්තාවන් විසින් පමණක් ආරම්භ කළ මෙම දිනය ඉන්පසු විවිධ තේමාවන් යටතේ ජාත්යන්තර වශයෙන් ලොව සියලු කාන්තාවන්ගේ දිනයක් වශයෙන් වර්ථමානය වන විට සමරනු ලබනවා.

ඔබ දන්නවාද පුරුෂයින් වෙනුවෙන්ද දිනයක් යොදා ඇති බව ? ඒ නොවැම්බර් මස 19 වනදායි.

පුරුෂයින්ගේ කායික මානසික සෞඛ්යය සම්බන්ධ කටයුතු සඳහා 1990 වසරේ සිට විවිධ රටවල මෙම දිනය සැමරුවත්

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිවැරදිව හඳුනා නොගැනීම නිසා එයට කාන්තා දිනය මෙන් වැඩි ප්රතිචාර ලැබෙන්නේ නැහැ.

කෙසේ වෙතත් මීට වසර112 කට පෙර නිව්යෝර්ක් නගරයේ විදී  බට දුප්පත් කම්කරු කන්තාවන් 15,000 ක පිරිසක් නිසා අදටත් පවත්වන “ලෝක කාන්තා දිනයක්” ලොවට උරුම වී ඇත.

ඔන්න ඔය විදිහට තමා ලෝක කාන්තා දිනය හැදුනේ…

teddy-bears-l Sri Lanka price

Related Articles