• March 29, 2024
  • Last Update March 18, 2024 9:04 AM
  • Sri Lanka

අමතක වෙන දේවල් මතක තියාගන්න පුළුවන් හොදම ක්‍රමය | Keep

අමතක වෙන දේවල් මතක තියාගන්න පුළුවන් හොදම ක්‍රමය |  Keep

අද ගෙන Tech Post එක ගොඩක් දෙනෙක්ට වැදගත් වෙයි කියලා අපි හිතනවා. ඇතැම් විට ඔබ මේ ගැන දැනුවත් වුනත් නොදන්න කෙනෙක්ට මෙය ගොඩක් වැදගත් වෙයි.

අපිට එදිනදා ජිවිතේ තියෙන වැඩත් එක්ක සමහර දේවල් අපිට අමතක වෙන්න පුළුවන් එහෙම නැතිනම් මගහැරෙන්න පුළුවන් .

ඉතින් උදාහරණය විදිහට හිතන්න කඩේට බඩු ගෙන්න යනවා කියලා.. ඉතින් ගොඩක් දෙනෙක් කරන්නේ කොළ කැල්ලක් ලියාගෙන යනවා එක්කෝ Phone එකේ SMS විදිහට Draft කරගෙන යනවා.. ?

මේ වගේ තව තියෙනවා පාසලේ නෝට්ස් , Office එකේ සමහර දේවල් , පොත් වල එක එක තැන් වල අමතක වෙන ඒවා ලියලා තියාගන්නවා. අන්තිමෙන්දී Note එක කොහෙද ලිවූ කියලා අපිටම හොගන්න බැරිවෙන

අවස්ථා නැතුම නෙමෙයි.. ?

මේ වෙනකොට ගොඩක් දෙනෙක් ස්මාර්ට්ෆෝන් භාවිතා කරන නිසා Phone තුළම Note ලියලා තියාගන්න පුළුවන් App  එනවා ඇතැම් වෙලාවට මේ නෝට්ස් වල අපිට Text වලින් තමා භවිතා කරන්න පුළුවන් වෙන්නේ.

හිතන්න ඔයාට Image එකක් Voice එකක් වැනි දෙයක්  Note විදිහට තියාගන්න වුනොත් ඔයා  මොකද කරන්නේ ? ?

ඉතින් මේ ගොඩක් දේවල් වලට ගැලපෙන හොදම App එක තමා Google Keep කියන්නේ ? මොකක්ද මේ Google Keep ?

මේ Google Keep කියන්නේ Google සමාගම විසින් 2013 වර්ෂයේ හඳුන්වා දෙන්න කටයුතු කළ සරළ නමුත් බොහොම ප්‍රයෝජනවත් Note ගන්න app එකක්.

මේකේ තිබෙන ප්‍රධානම වාසිය තමයි මේ App එක ඕනම පොඩි Smartphone එකකම වගේ slow වෙන්නේ නැතිව වැඩ කරන එක

සහා අපිට ඕනෑම Device එහෙකින් Log වෙලා අපේ Note ටික බලන්න පුළුවන් හැකියාව. 

Text Notes

ඔයාට Note එකක් ලියන්න ඕන නම් කරන්න තියෙන්නේ Take a note.. කියන තැන tap කරලා ඕන කරන දේ type කරන එක.

ඔයාට අවශ්‍යය දේ ලියලා ඉවර වුණාම අමුතුවෙන් Save කරන්න අවශ්‍යයතාවයක් නැහැ. 

ඒක Auto Save වෙන නිසා ආපහු Back Button එක Press කරලා ඉවත් වුණාම මේ ප්‍රධාන screen එකේ ඔයා Type කරපු දේ

 අලුත් Note එකක් විදිහට ඒක Add වෙනවා. 

Voice Notes

Mic එකක් icon එක tap කලොත් ඔයාට Voice record එකක් Save කරගන්න අවස්ථාව ලැබෙන

අතර ඔයා කියන දේ ඒ වෙලාවෙම text වලට convert වෙලා audio එකත්

එකක්ම Text transcript එකකුත් ඔයාට ලබාගන්න මේ හරහා අවස්ථාව ලැබෙනවා.

 

Notes with Image

අන්තිමට තිබෙන Image එකක Icon එක Tap කරලා ඔයාගේ Phone එකේ තිබෙන Image එකක් හරි,

Camera එක භාවිතා කරලා ඕනම විදිහේ Photo එකක් හරි අරගෙන ඒක Note එකක් විදිහට Save කරගන්නත් අවස්ථාව තිබෙනවා.

හිතන්න ඔයා Whiteboard එකක තිබෙන Note එකක් Photo එකක් ගත්තා කියලා. අපිට ඕන ඒ Image එකේ තිබෙන text එක අපේ Note එකට ගන්න. අන්න ඒ පහසුකමත් මෙහි තිබෙන Grab image text කියන පහසුකම හරහා ලබාගන්න පුළුවන්. ” සැහෙන්න වටිනවා නේ මේ ක්‍රමය ? “

මේ ගන්න හැම Note එකක්ම අපිට ඕන Color එකකින් tag කරලා තියාගන්න, කාටහරි යවන්න (Sharing), Reminder එකක් Set කරන්න වගේම කාත් එක්කහරි එකතු වෙලා එකම

Note එකකට කරුණු එකතු කරන්න (Collaboration) සහ තවත් විවිධ විදිහේ පහසුකම් රැසකින් මේ App එක සමන්විත වෙනවා.

 

මේ App එකෙන් තව ගොඩක් වැඩ කැලි තියෙනවා.. ඒවා ගැන කියන්න ගියොත් මේ ලිපිය තව ගොඩක් දිග් වෙනවා…

ඉතින් ඔයා මේ app එක තාමත් භාවිතා කරලා නැත්නම් අදම Google Play Store එක හරහා හෝ Apple App Store එක හරහා Download කරගන්න.

ඒ වගේම මේ App එක හරහා ඔයා Save කරගන්න Notes, 

keep.google.com කියන web app එක හරහා ඔයා PC එක භාවිතා කරන වෙලාවට Access කරන්නත් පුළුවන්.

teddy-bears-l Sri Lanka price

 

 

Related Articles