ඔන්න අද ඔයාලගේ දැනුමට වටින තවත් දෙයක් අරන් අවා. ඒ ලොකු පොඩි හැමෝටම.
ඉතින් ඔයාලට කියන්න හදන්නේ පැරණි සිංහල මිණුම් ඒකක ගැන.
කාලය මැනීමේ ඒකක
- තප්පර 60 = විනාඩි 01 යි(විනාඩි යනු minute/මිනිත්තු නොවේ, මිනිත්තුව යනු “minute” විදේශීය වචනයෙන් ආ එකකි. විනාඩිය දේශීය වචනය වන අතර, එය වර්තමානයේ ව්‍යවහාර වන මිනිත්තුව හා පටලවා ගැනීම සුදුසු නොවේ.)
- විනාඩි 60 = සිංහල පැය 01 යි
- සිංහල පැය 60 = දින 01 යි
- දවස් 30 = මාස 1 යි
- මාස 12 = අවුරුද්ද 1 යි
- මාස 3 = කාර්තු 1 යි
- කාර්තු 4 = අවුරුදු 1 යි
සිංහල ක්‍රමයට දිනයක් කොටස් 60කට බෙදන අතර (දිනකට පැය 60 ක් එන ලෙස) එම දිනය සූර්ය උදාවත් සමග ඇරඹේ.එම නිසා වර්තමාන, ව්‍යවහාර ඔරලෝසු පැයකට, සිංහල පැය 2 1/2 කි.
පරිමාව මැනීමේ ඒකක:
- හුන්ඩු/පත 2 ක් = මනා 1 යි
- මනා 2 ක් = නැලිය/සේරුව 1 යි
- නැලි 4 ක් = ලාස්/කුරුණි 1 යි
- ලාස්/කුරුණි 5 ක් = බෙරය යි
- බෙර 2 ක් = පෑල/මළු 1 යි
- පෑල/මළු 4 ක් = අමුණ යි
නැලි/සේරු 32 ක් = බුසල් 1 යි
ලාස්/කුරුණි 4 ක් = තිඹ 1 යි
ඉඩම් මැනීමේ ඒකක
- පරමාණු 36 ක් = අණු 1 යි
- අණු 36 ක් = තජ්ජාරි 1 යි
- තජ්ජාරි 36 ක් = රථරේණු 1 යි
- රථරේණු 36 ක් = ලික්ඛ 1 යි
- ලික්ඛ 7 ක් = උක්ඛ 1 යි
- උක්ඛ 7 ක් = ධණ්ණමාස 1යි
- ධණ්ණමාස 7 ක් = ආංගුල 1 යි
- ආංගුල 12 ක් = වියත් 1 යි
- වියත් 2 ක් = රියන් 1 යි
- රියන් 7 ක් = යෂ්ට් 1 යි
- යෂ්ටි 20 ක් = ඉසුබු (උසබ) 1 යි
- ඉසුබු (උසබ) 20 ක් = සැතපුම් 1 යි
- සැතපුම් 4 ක් = ගව් 1 යි
- ගව් 4 ක් = යොදුන් 1 යි
- වියත් 1 ක් = අගල් 9 යි
- රියන් 4 ක් = බඹ 1 යි
- අඩි 6 ක් = බඹ 1 යි
- සැතපුම් 16 ක් = යොදුන් 1 යි
- පර්චස් 1 ක් = වර්ග අඩි 43,560
අඟල් 12 ක් = අඩි 1 යි
අඩි 3 ක් = යාර 1
යාර 22 ක් = දම්වැල් 1
දම්වැල් 10 ක් = පරලොම් 1
පරලොම් 1 ක් = සැතපුම් 1
සැතපුම් 4 ක් = ගව් 1 යි
ගව් 4 ක් = යොදුන් 1 යි
දිග මැනීමේ ඒකක:
- නූල් 8 = අගල් 1 යි
- අගල් 9 = වියත් 1 යි
- වියත් 2 = රියන් 1 යි
- රියන් 4 = බඹ 1 යි
- බඹ 11 = දම්වැල් 1 යි
- දම්වැල් 10 = පරලොම් 1 යි
- පරලොම් 8 = සැතපුම් 1 යි
- සැතපුම් 4 = ගව් 1 යි
- ගව් 4 = යොදුන් 1 යි
- රියන් 7 = යෂ්ට් 1 යි
- යෂ්ටි 20 = ඉසුබු 1 යි
- ඉසුබු 20 = සැතපුම් 1 යි
- නූල් 8 = අගල් 1 යි
- අගල් 12 = අඩි 1 යි
- අඩි 3 = යාර 1 යි
- යාර 2 = බඹ 1 යි (අඩි 6 යි)
- බඹ 11 = දම්වැල් 1 යි (අඩි 66 යි)
- දම්වැල් 10 = පරලොම් 1 යි (අඩි 660 යි)
- පරලොම් 8 = සැතපුම් 1 යි (අඩි 5,280 යි)
- අඩි 1.5 = රියන් 1 යි
රියන් 2 = යාර 1 යි
අඩි 66 = දම්වැල් 1 යි
අඟල් 1 ක් = සෙ.මී 2.54 යි
රාත්තල් 1 ක් = කි.ග්රෑ. 0.254 යි
පයින්ට් 1 ක් = ලීටර් 0.75 යි
කිලෝ මීටර් 1 = සැතපුම් 0.625 ක්
සැතපුම් 1 = කිලෝ මීටර් 1.609
සැතපුම් 1 ක් = අඩි 5,280 යි
සැතපුම් 1 ක් = යාර 1,760 යි
සැතපුම් 1 ක් = මීටර 1,609 (1,609.344) යි
සැතපුම් 1 ක් = මිනින්දෝරු අඩි 5,280 යි
සැතපුම් 16 = යොදුන් 1 යි
යොදුන් 1 = මීටර 25,744 (1,609 x 16) යි
යොදුන් 1 = කි.මී. 25.744 යි
බෙහෙත් බර මැනීමේ ඒකක
- තල ඇට 3 = අමු ඇට 1
- අමු ඇට 3 = වී ඇට 1
- වී ඇට 3 = මදටිය 1
- මදටිය 20 = කලං 1
- කලං 12 = පලම් 1
- පලම් 8 = රාත්තල් 1
- පලම් 100 = තුලම් 1
- මදටිය 16 = සත 1
වැදගත් වෙනවනම් තවත් කෙනෙක්ට මේ ලිපිය share කරන්න අමතක කරන්න එපා