• April 27, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

WhatsApp Status දැන් WhatsApp Web ඔස්සේ..

WhatsApp Status දැන්  WhatsApp Web ඔස්සේ..

 කාලයක් තිස්සේ බලන් හිටිපු දෙයක් ඒ WhatsApp Web පහසුකම මීට බොහෝ කලකට පෙර සිට ලබාදී තිබුණත්, බොහෝ කලෙක සිට මේ හරහා Status upload කිරීමේ හැකියාව ලබා දී තිබුනේ නැහැ. නමුත් දිගින් දිගටම වෙනත් පහසුකම් මේ සඳහා ලැබුණත්, මෙම Status Upload කිරීමේ හැකියාව නම් ලැබුණේ නැහැ.

කොහොම  නමුත් මේ වන විට WhatsApp Web සඳහා නිකුත් කර ඇති නවතම පහසුකම් තුළින් WhatsApp Web හරහා Status Upload කිරීමේ හැකියාව ලබා දී තිබෙනවා.

Status Section එකට ගිය විට එහි ඉහළින්ම ඇති My Status මත Click කිරීමෙන් ලැබෙන Menu එක හරහා ඔබට පළ කිරීමට අවශ්‍ය වන්නේ text එකත් එහෙමත් නැතිනම් Photo & Video එකක් ද යන වග තෝරාගත හැකිවනවා.

කෙසේනමුත් මෙම පහසුකම් මේ වන විට සක්‍රීයව ඇත්තේ WhatsApp Web හි Beta Program එකෙහි සාමාජිකයන්ට පමණක් වන අතර නුදුරේදීම සාමාන්‍ය පරිශීලකයන්ට සහ WhatsApp Desktop යෙදවුම වෙතද මෙය බලාපොරොත්තු විය හැකියි.  දැනට WhatsApp Web beta 2.2353.59 is update  බලන්න පුළුවන් . 

 

original kingston Sri Lanka

Related Articles