• April 27, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

විල්පත්තුවේ Virtual Tour එකක් යමුද ?

විල්පත්තුවේ  Virtual Tour එකක් යමුද ?

ඔන්න අද කියන්න යන්නේ ලොකු කුඩා කාටත්  වැදගත් වෙන දෙයක් ගැන  ඒ….. විල්පත්තු අභය භූමිය ගැන…

වසර 2000ක මානව ශිෂ්ටාචාරයක සුන්බුන් රැගත් විල්පත්තු අභය භූමිය  දැන් අපිට App එකක් හරහා බලාගන්න පුළුවන්.

ඉතින් මේ App තුලින් අපිට විල්පත්තුව Virtual Tour යන්න පුළුවන් වගේම එහි වැදගත් ස්ථානවල සැරිසැරීමට කරුණු දැනගැනීමට හැකියාව දැන් ඔබට හිමිවෙනවා.

වනෝද්‍යානයේ කළයුතු හා නොකල යුතු දේවල් පිළිබද විස්තර මෙන් ම  කුවේණිගේ මාලිගය , ගල්ගේ විහාරය  වැනි  ස්ථාන ගැනත් මේ App  එකෙන් තොරතුරු  ගෙන එනවා.

ඔයාලා විල්පත්තු යන වෙලාවක App එක Open කරලා මාර්ගෝපදේශකයක් ලෙසත් App එක  පාවිච්චි කරන්න පුළුවන් .

තවද  වනෝද්‍යානය තුළ ස්ග්නල් අඩු නිසා App එක Offline භාවිතා කරන්නත් පුළුවන්. මේ App එක තුළ භාෂා තුනේම්ම බලාගන්න පුළුවන්.

මේ App එක යුරෝ මිලියන 8ක ජර්මානු GIZ වියාපෘතියක් යටතේ අපට ලැබී තිබෙනවා. ඒ සමගම මෙරට App  එකක් සහිත ප්‍රථම වනෝද්‍යාන ලෙස විල්පත්තුව ජාතික වනෝද්‍යානය කිරුළු පළදිනවා.

ඉතින් ඔබත් අදම විල්පත්තු වනෝද්‍යානය නිවසේම ම අත්දකින්න.

මෙතනින් Click කර පිවිසෙන්න. නැතිනම් Google Play Store ගිහින් Wilpattu National Park කියලා  search කරලා ගන්න පුළුවන්.   ආහ්හ්හ්… iPhone භාවිතා කරණ  අයට Apple Store එකෙන් ගන්නත් පුළුවන් click

Related Articles