• May 19, 2024
  • Last Update May 7, 2024 12:24 PM
  • Sri Lanka

600KM දුරින් පිහිටි චන්ද්‍රිකාවක් වෙත Bluetooth හරහා සම්බන්ධ වෙයි

600KM දුරින් පිහිටි චන්ද්‍රිකාවක් වෙත Bluetooth හරහා සම්බන්ධ වෙයි

ඔන්න අද කියන්න යන්නේ තාක්ෂණයේ නව පියවරක් ගැන. සාමාන්‍යෙන් අපි  දන්නේ Bluetooth හරහා වැඩිම දුරක් connect වෙන්න පුළුවන් දුර හැටියට අඩි 30යේ  සිට 100 දක්වා දුර ප්‍රමයක්.

එත් ඔයාලා හිතනවද කිලෝමීටර 600 තියෙන දුරක තියෙන දෙයාක් connect කරන්න පුළුවන් කියලා.

ඉතින් එක්සත් ජනපදයේ තාක්ෂනික සමාගමක් වන Hubble Network විසින්  Bluetooth හරහා කිලෝමීටර 600 දුරින් අභ්‍යවකාශයේ පිහිටි චන්ද්‍රිකාවක් වෙත සාර්ථකව සම්බන්ධ වී තිබෙනවා.

කිසිවකුත් කල නොහැකි යැයි විස්වාස කල මෙය Hubble  විසින් සාමාන්‍ය Bluetooth chip යක් යොදාගෙන සිදුකිරීමට සමත් වුනා.
ඒ නව Software update එකක් මගින්.

ඒ අනුව ඉදිරියෙදි චන්ද්‍රිකාවන් සමග සම්බන්ධ වීමට අවශ්‍ය වන විශේශිත දෘඩාංග අවශ්‍යතා ඉවත් කරමින් IOT device ඉතා අඩු battery drain හා Operating cost එකක් යටතේ Global network එකට සම්බන්ධ කිරීමට හැකි වනවා.

ඒ අනුව ඉදිරියෙදි ගවයින්,සුරතල් සතුන්,ලමයින් සදහා Gps සහිත smart කරපටි, හා කෘෂිකර්මාන්තය සදහා මෙම තාක්ෂණය පුළුල් වශයෙන් යෙදවීම සදහා Hubble network සමාගම විසින් අනෙකුත් පාර්ශවයන් සමග සම්බන්ධ වෙමින් අධ්‍යයනය කරමින් සිටිනවා.

Hubble විසින් එහි පලමු චන්ද්‍රිකා දෙක මාර්තු මාසයේ දියත් කල අතර මෙම වසර මැද තුන්වන චන්ද්‍රිකාව හා අගදී හතරවන චන්ද්‍රිකාවත් දියත් කර ඔවුන්ගේ ජාලය පුළුල් කිරීමට සුදානම් වනවා.

එලෙසම ඔවුන් 2025 අවසාන කාර්තුවේදී හො 2026 මුලදී චන්ද්‍රිකා 32ක් එකවර කක්ෂගත කිරීමටත් අරමුූණු කර තිබෙනවා.

 

 

Related Articles