• March 28, 2024
  • Last Update March 18, 2024 9:04 AM
  • Sri Lanka

ලොව Battery රහිත Game Boy Console එක ( Video )

ලොව Battery රහිත Game Boy Console එක ( Video )
ඔබ අප කුඩා අවදියේදී  සහා මේ වෙනකොට සිටින දරුවන් පවා Game Boy Console එකකින් Game සෙල්ලම් කර තිබෙනවාට සැකයක් නැහැ.
එවකට Game Boy Console එක තුළ තිබුණු ගැටළුවක් බවට තිබුනේ යම් කාලයක් භාවිතා කරනකොට බැටරි බැසීමක් සිදු වෙනවා. එවිට පොදු කරනුවක් වගේ අපට බැටරි මාරු කිරීමක් සිදු කරන්න වෙනවා.
මේ වෙනකොට බැටරි දැමීමට අවශ්‍ය නොවන Game boy game console එකක් නිපදවන්නට නෙදර්ලන්තයේ Northwestern University සහ The Delft University of Technology (TU Delft) යන සරසවිවල පරේෂකයන්  පිරිසක් සමත් වී තිබෙනවා.

ඉතින් මේ Game Boy Console එක බැටරි නොමැතිව වැඩ ක‍රන්නේ සුර්ය ශක්තිය සහ ඔබ විසින්  Console එකේ බොත්තම ඔබන විට එවිට උපාංගය විසින් ශක්තියක්ද නැවත Game Console එකට ලබා දෙනවා.
පරිශීලක ක්‍රියාවන්ගෙන් ශක්තිය උකහා ගන්නා පළමු උපාංගය බවට මෙම  Game Boy Console එක පත් වෙනවා.
සූර්ය ශක්තිය ලබා ගැනීම සඳහා තිරය වටා කුඩා Solar panel සවිකර තිබෙන ඇති අතර බොත්තම් එබීමෙන් ලබා ගන්නා ශක්තියද නැවත Console එක බලගැන්වීම සඳහා අවශ්‍ය වන ශක්තියක් බවට පත්කරගැනීමද උපාංගය විසින්ම සිදුකරගනු ලබනවා.
ඇතැම් ගැටළු වලට Software සහ Hardware වැඩි දියුණු කිරමක් පරේෂකයන් විසින් සිදු කරමින් අතර එම ගැටළු නිරාකරණය වුවහොත්, පරිසරයට වන හානියද අවම කිරීමට හැකිවෙනවා.

Related Articles