චීනයේ අන්තර්ජාල වෙළඳාමේ නිරත සුප්‍රකට Alibaba සමාගම ඇතුලු
තවත් එරට සමාගම් විසි දෙකකට ඇමරිකානු ඩොලර් 75,000 බැගින් දඩ නියම කර තිබෙනවා.
චීනයේ වෙළඳපොල නියාමන අධිකාරිය මගින් මෙම දඩ නියම කර ඇත්තේ
අදාළ සමාගම් තම කොටස් හා ව්‍යාපාර වර්ධනය කරගැනීම සඳහා අසාධාරණ ලෙස වෙළඳපොල ක්‍රියාකාරීත්වයන් සිදුකර ඇති බවට චෝදනා කරමින්.
අලිබබා සමාගමට අයත් අන්තර්ජාල සේවා හා භාණ්ඩ අලෙවි කරන ආයතන හයක් සහ ටෙන්සන් හෝල්ඩින්ග්ස් සමාගමට අයත් ආයතන පහක් එලෙස දඩ නියම වූ සමාගම් 22 අතර වනවා.