• April 25, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

Android 10 නිළ වශයෙන් Google Pixel ,Essential වලට

Android 10 නිළ වශයෙන් Google Pixel ,Essential වලට
ඔන්න  බළාපොරොත්තු වූ පරිදි Google සමාගම විසින් September 3, 2019 දිනයේ ඔවුන්ගේ Google Pixel ජංගම දුරකථන සියල්ලටම Android 10 වල stable සංස්කරණය නිළ වශයෙන් නිකුත් කිරීමට කටයුතු කළ අතර, සුපුරුදු පරිදි Essential සමාගමද ඔවුන්ගේ Essential Phone එකට මේ update එක එදිනම නිකුත් කිරීමට කටයුතු කළා.
මීට අමතරව  Xiaomi ආයතනය විසින් ඔවුන්ගේ Redmi K20 Pro ජංගම දුරකථනයට ද එම දිනයේදීම Android 10 සංස්කරණය මත පදනම් වුණු MIUI 10 සංස්කරණය නිකුත් කිරීමට කටයුතු කරනු ලැබුවා.
තවද මෙහි ඇති Source Code එක  AOSP, එහෙමත් නැතිනම් Android Open Source Project එක වෙත එකතු කිරීමට ද Google සමාගම කටයුතු කර තිබෙනවා.
එමෙන්ම Source code එක AOSP වෙත upload කිරීමත් සමඟින් Project Treble පහසුකම ඇති ජංගම දුරකථන වලට ඉක්මණින්ම මෙය ලබා දීමටත්, Custom ROM develop කරන්නන් හට ඒ වෙනුවෙන් වැඩකටයුතු ආරම්භ කිරීමටත් හැකියාව ලැබෙන අතර ඉදිරි මාස කිහිපය ඇතුලත බොහෝමයක් පැරණි ජංගම දුරකථන වලටත් මේ හරහා Android 10 සංස්කරණය ස්ථාපනය කිරීමේ අවස්ථාව ලැබෙනු ඇත.
 

Related Articles