• July 27, 2024
  • Last Update May 20, 2024 12:26 PM
  • Sri Lanka

Dropbox සම්බන්ධ කළ හැකි Devices ප්‍රමාණය සිමාවෙයි.

Dropbox සම්බන්ධ කළ හැකි Devices ප්‍රමාණය සිමාවෙයි.
මේ වෙනකොට ලෝකයේ Cloud Storage Services බොහොමයක් තිබෙනවා ඒ අතරින් ඉතාමත් ජනප්‍රිය සේවාවක් තමා Dropbox කියන්නේ.
 Dropbox සමාගම විසින් ඔවුන්ගේ නොමිලයේ ලබා දෙන Plan එක භාවිතා කරන්නන් හට තම සේවාව සමඟින් එක විට සම්බන්ධ කළ හැකි Devices ප්‍රමාණය 3කට සීමා කිරීමට කටයුතු කර තිබෙන බව වාර්ථා වෙනවා.

dropbox-logo

Laptops, Tablets හෝ Phone වැනි ඕනෑම Device වර්ගයක් 2019 වර්ෂයේ මාර්තු මාසයේ සිට උපරිමය 3ක් දක්වා සීමා කර තිබෙන අතර, ඊට ප්‍රථමව Devices 3ට වඩා වැඩියෙන් සම්බන්ධ කර තිබෙනවා නම්, ඒවා ඒ ආකාරයෙන්ම භාවිතා කිරීමට හැකියාව ලබා දී තිබෙනවා.
කෙසේ නමුත් මෙලෙස වැඩි Devices ප්‍රමාණයක් දැනටමත් සම්බන්ධ කර ඇති පරිශීලකයන් හට අලුත් Device එකක් සම්බන්ධ කිරීමට අවශ්‍යය වුවහොත් දැනට පවතින devices ප්‍රමාණය 3කට අඩු ප්‍රමාණයකට අඩු කිරීමට හෝ Dropbox Plus හෝ Professional plan එකකට මාරු වීමට සිදු වෙනවා.

Related Articles