• April 16, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

Google සමාගමේ සැම නිෂ්පදනයක්ම ප්‍රතිචක්‍රීකරණයට සුදානම් වෙයි.

Google සමාගමේ සැම නිෂ්පදනයක්ම  ප්‍රතිචක්‍රීකරණයට සුදානම් වෙයි.
මේ වෙනකොට Google සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන සියළුම Hardware නිෂ්පාදන වලට ප්‍රතිචක්‍රීකරණය කරනු ලැබූ අමුද්‍රව්‍යය භාවිතා කිරීමට සූදානම් වන බව වාර්ථා වෙනවා.
මේ අනුව 2022 වර්ෂයේ සිට නිෂ්පාදනය කිරීමට නියමිත Pixel phones, Pixel books, Google Home speakers, Google Nest devices සහ අනෙකුත් සියළුම Accessories නිෂ්පාදනය කිරීම සඳහා ප්‍රතිචක්‍රීකරණය කරනු ලැබූ අමද්‍රව්‍යය භාවිතා කිරීමට නියමිතව තිබෙනවා.
මේ වන විටත් Chrome cast නිෂ්පාදනය කිරීමේදී ප්‍රතිචක්‍රීකරණය කරනු ලැබූ plastic භාවිතා කරනු ලබන බවත්, Google Home සහ එහි Cases නිෂ්පාදනය කිරීමට භාවිතා කරනු ලබන fabric භාවිතා කර ඉවත ලන plastic ‍බෝතල් භාවිතා කරමින් නිෂ්පාදනය කිරීමට කටයුතු කරනු ලබන බවත් ප්‍රකාශ කර සිටිනවා.
එමෙන්ම ඔබ භාවිතා කර ඉවත ලන Google devices ඇත්නම් ඒවා ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා නැවත Google සමාගම වෙත ලබාදිය හැකි ක්‍රමයක් හඳුන්වාදීමට ද කටයුතු කර ඇති අතර මූලිකව මෙය ඇමෙරිකාවට පමණක් සීමා කර තිබෙනවා.

Related Articles