• April 27, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

Google Maps වලට වාහනයේ වේග සීමාවඇතුල් කරයි.

Google Maps වලට වාහනයේ වේග සීමාවඇතුල් කරයි.
 
ඔන්න දැන්, Google සමාගම විසින් ඔවුන්ගේ Google Maps app එකට Speedometer එකක් එකතු කිරීමට කටයුතු කර තිබෙන බව ‍මේ වන විට දැනගන්නට ලැබෙනවා.
කොහොම නමුත් මේ අලුත් පහසුකම හරහා ඔබ Google Maps Navigation පහසුකම භාවිතා කරන විට අදාල මාර්ගයේ වේග සීමාව ඉක්මවා ගොස් ඒ වෙනුවෙන් දඩ මුදල් ගෙවීමට සිදු වීමේ අවස්ථා අවම කරගැනීමට හැකියාව ලබාදෙන අතර මෙය Google Maps වල Settings හරහා ගොස් එහි තිබෙන Navigation Settings වලට අලුත් option එකක් ලෙස එකතු කිරීමට කටයුතු කර තිබෙනවා.
මේ අනුව සෑම අවස්ථාවකදීම screen එකේ වම් පැත්තේ පහලින් ඔබ දැනට ගමන් කරන වේගය හා මාර්ගයේ වේග සීමාව පෙන්නුම් කරනු ලබන අතර අදාල මාර්ගයේ වේග සීමාව ඉක්මන වේගයකින් ඔබ ගමන් කරන්නේ නම්, Google Maps හරහා ඒ පිළිබඳව alert එකක් මගින් ඔබව දැනුවත් කිරීමට කටයුතු කරනු ලබනවා.

Maps-Speedometer-tech-news-sri-lanka

මේ පහසුකම පිළිබඳව Google සමාගම විසින් නිළ වශයෙන් නිවේදනයක් තවමත් නිකුත් කර නොමැති අතර තවමත් මේ පහසුකම Google Maps භාවිතා කරන සියළුම පරිශීලකයන් හට නිකුත් කිරීමට ද ඔවුන් කටයුතු කර නොමැති බවක් දැකගන්නට ලැබෙනවා.
කොහොම නමුත් Argentina, Australia, Belgium, Brazil, Canada, Czech Republic, Finland, Germany, India, Netherlands, Poland, Portugal, Sweden, Taiwan, the UK, සහ US යන රටවල් වල සිටින Google Maps පරිශීලකයන් බොහෝ දෙනෙකුට මේ පහසුකම දැනටමත් ලැබී ඇති බව වාර්ථා වන අතර අනෙකුත් රටවල් වලටද ඉදිරියේදී මෙය ලබාදීමට Google සමාගම කටයුතු කරනු ඇති බව විශ්වාස කෙරෙනවා.
 

Related Articles