• March 29, 2024
  • Last Update March 18, 2024 9:04 AM
  • Sri Lanka

Samsung Galaxy S21 Series එළබෙන වසරේ නිකුත් කරේ (Video)

Samsung Galaxy S21 Series එළබෙන වසරේ නිකුත් කරේ (Video)
Samsung  සාමාගම විසින් ඔවුනේ මීලග flagship line-up එක වන Galaxy S21 Series නිකුත් කිරීමට සුදානම් ව සිටිනවා. ඒනම් ජනප්‍රිය Twitter Leaker කෙනෙකු වන Jon Prosser විසින් Samsung Galaxy S21 series එක එළැඹෙන 2021 ජනවාරි මාසයේ දී හඳුන්වා දෙනු ඇති බවට තොරතුරු වාර්තා කර තිබෙනවා.

 

Twitter සටහනක් තබමින් ඔහු පවසන්නේ S21 Series එක 2021 ජනවාරි 14 වැනි දින නිවේදනයක් නිකුත් කරනු ඇති බවත් එදින සිටම Pre Orders සිදු කිරීමට හැකියාව ලබාදෙනු ඇති බවත් 2021 ජනවාරි 29 වන දින Online event එකක් ඔස්සේ එළිදැක්වීමට කටයුතු කරනු ලබන බවත්ය.
බොහොමයක් පිරිස්  මෙම Series එක Galaxy S30 ලෙස නම් වෙනු ඇති බව අනුමාන කර තිබෙනවා. කෙසේ වෙතත්  මෙම සටහනට අනුව එය Galaxy S21 ලෙස නම් කර තිඛෙන බව පෙනෙන්නට තිබෙන අතර ඒ අනුව S30 Series එක සඳහා 2030 වන තෙක් බලා සිටීමට සිදු වෙන බවද අනුමාන කළ හැකියි.
Galaxy S21 Series එක, S21, S21+ හා S21 Ultra ලෙස මාදිලි තුනකින් හඳුන්වාදෙනු ඇති අතර Black, White, Grey, Silver, Violet, හා Pink යන වර්ණ රටාවලින් නිකුත් කිරීමටද නියමිත වන බව වාර්තා වෙනවා.

ඒ වගේම සුපුරුදු ලෙස වෙළෙඳපොළ අනුව Snapdragon 875 හා Exnoys 2100 යන chipset මඟින් මෙම දුරකථන පෙළ බලගන්වා ඇති අතර මෙම chipset දෙකම 5nm process එක මත නිපදවා තිබෙන බැවින් S20 හා Note 20 Series වලට වඩා සෑම අතින්ම වඩා වඩාත් ඉහළ කාර්යක්ෂමතාවයක් දැක ගැනීමට හැකියාව ලැබෙනු ඇති.
එමෙන්ම S21 Series එක සතු මාදිලි තුනේම punch hole selfie කැමරාවක් හා S21/S21 Plus මාදිලි වල පිටුපස Triple Camera setup එකකුත් Ultra මාදිලියේ අමතර කැමරාවක් සමඟ Quad Camera Setup එකක් ද ඇතුළත් වන බව විදෙස් තොරතුරු වල සදහන් වෙනවා.
 

Related Articles