• January 22, 2025
  • Last Update January 8, 2025 9:24 AM
  • Sri Lanka

Mobile phone

LG සමාගමේ Folder 2 අඩු මුදලකට වෙළදපොලට නිකුත් කෙරේ

මිට අවුරුදු කිහිපයකට ඉහතදී Smartphone එන්න කලින් ලොව පුරා මහත් ජනප්‍රියත්වයක් අත් කරගත් Phone එකක් තමා Flip phone type එක. මිට…

OnePlus 8 දුරකථනය Online හරහා එළි දැක්වීමට කටයුතු කරයි (Video)

ඔන්න ඔබ One Plus ජංගම දුරකථන වලට කැමති කෙනෙක් නම් ඔබට මේ ආරංචිය වැදගත් වෙයි. මොකද One Plus සමාගමේ මීලග ජංගම…

2020 Samsung Unpacked පෙබරවාරි මාසෙට යෙදේ

මේ වෙනකොට අන්තර්ජාලය තුළ Samsung Galaxy S11 ජංගම දුරකථනය Galaxy S20 යන නමින් හැඳින්වීමට Samsung සමාගම වෙනස් කිරීමට සූදානම් වන…

Huawei සමාගම ලොව දෙවැනි ස්ථානයට

2019 වසරේ ලොව පුරා ජංගම දුරකථන අලෙවි වූ ප්‍රමාණයන් ඇපල් සමාගම අභිබවා යාමට Huawei සමාගම  මේ වෙනකොට සමත් වී ඇති අතර Samsung සමාගමට වඩා 3.6 % ප්‍රමාණයකින් පිටුපසින් සිටීමට මොවුන් සමත් වී තිබෙනවා. මේ අනුව Samsung  සමාගම තවදුරටත් ලොව ජංගම දුරකථන අලෙවියේ ප්‍රමුඛයා වන අතර දෙවැනි ස්ථානයේ Huawei සමාගමත්, තෙවැනි ස්ථානයේ Apple සමාගමත් පසු වෙනවා. 2019 වර්ෂයේදී ජංගම දුරකථන ඒකක මිලියන 251 ක් අලෙවි කිරීමට Huawei සමාගමට හැකි වී ඇති අතර එය සම්පූර්ණ ජංගම දුරකථන වෙළඳපොලෙන් 17.7% වෙළඳපල කොටසක් වන බව දැකගත හැකි වෙනවා. තවද එය 2018 දී තිබූ 14.4% වෙළඳපල කොටස හා සසඳන විට විශාල වැඩිවීමක් වන අතර ඊට ප්‍රතිවිරුද්ධව Samsung සමාගම ඒකක මිලියන 323 ක් අලෙවි කරමින් 21.3% ක වෙළඳපල හිමිකාරත්වයක් අත් කරගෙන තිබෙනවා. කොහොම නමුත් 2019 වසරේදී ඇපල් සමාගමට හැකි වී තිබෙන්නේ iPhone ඒකක මිලියන 193 ක් පමණක් අලෙවි කිරීමට වන අතර එය 13.6% ක වෙළඳපල කොටසකි. ඇමරිකානු තහනම මධ්‍යයේ වුවද Huawei සමාගම සිය ස්ථාවරත්වය රැක ගැනීමට සමත් වී ඇති අතර එයට හේතුව වී ඇත්තේ චීනය තුළ Huawei සමාගමට ඇති වෙළඳපොල තව තවත් පුළුල් වීම බව දැකගත හැකි වෙනවා. වාර්තා වන පරිදි චීනය තුළ Huawei වෙළඳපොල 2019 වසරේදී 40% ක් දක්වා වර්ධනය වී ඇති අතර එය 2018 තුන්වන කාර්තුවේ දැක්වුනේ 23% ක් ලෙසයි.