• January 22, 2025
  • Last Update January 8, 2025 9:24 AM
  • Sri Lanka

Sinhala Tech News

පැරණි Edge Browser එක Windows 10 පරිගණක වලින් ඉවත් කරයි

ඔන්න මේ වන  විටMicrosoft සමාගම විසින් ඔවුන්ගේ පැරණි Microsoft Edge browser එක සඳහා ලබාදී ඇති support period එක අවසන් වීමට ආසන්න වන අතර, මෙම වසරේ මාර්තු 9 වැනි දින ඒ සඳහා සහාය ලබාදීම නතර කෙරෙනු ලැබෙනවා.  එමෙන්ම මීළඟ අප්‍රේල් 13 වැනි දින Chromium ව්‍යාපෘතිය පාදක කරගෙන නිර්මාණය කළ මේ අලුත් Edge browser එක cumulative monthly security patch එකක් හරහා Windows 10 ස්ථාපනය කර ඇති පරිගණක සියල්ලටම නිකුත් කරනු ඇති අතර, ඒ සමඟින් පැරණි Edge browser එක සම්පූර්ණයෙන්ම Windows 10 පරිගණක වලින් ඉවත් කර දැමීමට කටයුතු කෙරෙනවා.  මේ වන විටත් ඔබගේ Windows 10 පරිගණකයේ Chromium පාදක කරගත් අලුත් Edge browser එක install කර ඇත්නම්, පෙර කී update එක හරහා පැරණි Edge browser එක් ඉවත් කිරීම පමණක් සිදු කරනු ඇති බව ද Microsoft සමාගම ප්‍රකාශ කර සිටිනවා. 

Monthly Subscription ක්‍රමයට Virus Guard එකක් මිලදී ගන්නේ කොහොමද ?

අපි නිතර නිතර අන්තර්ජාලය භාවිතා කරනවානම් file copy කරනවම් අනිවාර්යෙන්ම අපේ computer එකේ virus guard  එකක් තියෙන්නම  ඕනේ. ඉතින් අද…

ලොව පළමු තිරය ඇතුලෙන් පිහිටි කැමරාවක් සහිත Samsung Blade Bezel එළිදැක්වේ

තාක්ෂණික ලෝකේ නව පෙරලියක් කිරීමට  Samsung සමාගම  මේ වන විට සමත්ව තිබෙනවා. එනම් ලොව පළමු Under Screen කැමරාවක් සහිත Laptop එකක් එළිදැක්වීමට Samsung සමාගම පසුගියදා කටයුතු කළා.  මෙම මාදිලිය Blade Bezel ලෙස නම් කරන ලදී , CES-2021 ප්‍රදර්ශනයේදී එලිදැක්වීමට Samsung සමාගම කටයුතු කර ඇති අතර මෙම Laptop එකේ ඇති තුනී තිරය මේ වන විට තාක්ෂණිකලෝකය පුරාවට නව කතාබහක් ඇති කරවීමට සමත් වී තිබෙනවා.  ඒහි  ඇති OLED තිරය සම්පූර්ණයෙන්ම Bezel Less Display එකක් වෙන අතර, සාම්ප්‍රදායික Laptop වල ඇති Display panel එක 2.1mm ක වත් අඩුම ඝනකමකින් යුතු වුවත්, මෙම Panel එක 1mm තරම් ප්‍රමාණයට, ඉතාම සිහින්ව නිර්මාණය කර තිබෙනවා.  එමෙන්ම සාම්ප්‍රදායික Laptop වලට වඩා ඝනකමින් අඩු ලෙස නිර්මාණය කර තිබූ මෙම Blade Bezel Laptop එක දැනට වෙළඳපොලේ තිබෙන Apple MacBook Air මාදිලියටත් වඩා ඝනකමින් අඩු බව පැවසෙනවා.  Blade…

ස්පාඤ්ඤයේ පර්යේෂකයන් විසින් ලොවට හෙළි කළ බිහිසුණු අනාවැකිය

ලෝකේ විනාශ වීම් ගැන සමර දේවල් චිත්‍රපටි වලින් බැලුවත් ඒවා හැබැවටම වෙනවා  කියන කොට කොයි කටත් පොඩි බයක් දැනෙනවා. ඉතින් ස්පාඤ්ඤයේ පර්යේෂකයන් පිරිසක් විසින්  ලොවට අනාවැකියක් පළ කර තිබෙනවා.   එනම්  වසර 2040 දී ලෝකයෙන් පහෙන් එකක් ගිලා බහිනවා බව. භූමි විෂමතා සම්බන්ධයෙන් විශ්ලේෂණයක් කළ ස්පාඤ්ඤයේ පර්යේෂකයන් පිරිසක් ලොවට හෙළි කළ බිහිසුණු අනාවැකියක් වන්නේ මෙයයි.  සිදුවන මෙම ව්‍යසනය ලෝක ජනගහනයෙන් මිලියන 635 කට එනම්, හැට තුන්කෝටි පනස් ලක්ෂයකට බලපාන බව පර්යේෂණ කණ්ඩායම එළිදක්වා ඇති වාර්තාවේ දැක්වෙනවා.  එයින් වැඩිදෙනා ආසියානු කලාපීය රටවල වැසියන්ය.    පර්යේෂණ කණ්ඩායම ලොවට ඉදිරිපත් කළ පර්යේෂණ වාර්තාවේ දැක්වෙන කරුණු කාරණා අනුව, අනාගතයේ සිදුවීමට නියමිත ඒ ව්‍යසනයෙන් සිදුවන හානිය අවම කර ගැනීමට, ව්‍යසනයට ගොදුරු වන එම රටවල් පියවර ගනීවි යැයි තමන් අපේක්ෂා කරන බව ද ස්පාඤ්ඤ පර්යේෂකයෝ පවසති.  පර්යේෂකයන් අනාවරණය කර ඇති අන්දමට, ලොව පුරා භූමි ප්‍රදේශ ගිලා බසින්නේ භූගත ජල මූලාශ්‍ර සම්පූර්ණයෙන් ම සිඳී යෑමේ ප්‍රතිඵලයක් වශයෙනි.  වනාන්තර විනාශය වැනි මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන්, ඉදිරියේ දී වැඩි වැඩියෙන් නියං තත්ත්වයන් ඇතිවන බවත්, ජල මූලාශ්‍ර වඩා වේගයෙන් සිඳී යෑම ඒ අනුව සිදුවනු ඇති බවත් පර්යේෂණ කණ්ඩායම පැහැදිලි කර තිබේ.  ලෝකයේ ජනගහනය වැඩිවෙත්ම, පරිසරයට සිදුවන හානිය ද වැඩි වන අතර, එය මානව වර්ගයාගේ විනාශයට හේතුවක් වනු ඇතැයි පවසනවා.   ‘සමස්තයක් වශයෙන් ගෙන සාර්ථකව ක්‍රියාවට නැංවිය හැකි නාය යෑම් හා ගිලාබැසීම් පිළිබඳ ප්‍රතිපත්ති මාලාවක් හා ක්‍රියාවලියක් සෑම රජයක්ම මගින් තම රට වෙනුවෙන් සකස් කිරීම ඉක්මනින් අවශ්‍ය වෙනවා. නාය යෑම්වලට, ගිලාබැසීම්වලට ලක්විය හැකි තැන් සොයා බලා සිතියම් ගත කිරීම අවශ්‍යයි.’ යැයි පර්යේෂකයන් කණ්ඩායම පැහැදිලි කර තිබේ.  පර්යේෂකයන්, නාය යෑම් හා ගිලා බැසීම් සිදුවිය හැකි තැන් කල් තියා හඳුනා ගැනීමටත් ඒ අනුව කළ යුතු දෑ ගැන ක්‍රමවේදයක් සකසා තිබේ.  ඊට ප්‍රාදේශීය වශයෙන් ඇති භූවිද්‍යාත්මක තොරතුරු, දේශගුණය, ජල ගැලීම් හෝ නියඟයට ගොදුරු වීමේ ප්‍රවණතාව, ගිලා බැසීම් හා නාය යෑම් ආදියට බලපාන මානව ක්‍රියාකාරකම් ගැන විස්තර, දත්ත සහිතව දක්වා තිබේ. මෙම පර්යේෂණයට සම්බන්ධ වී ඇත්තේ ස්පාඤ්ඤයේ භූවිද්‍යා හා පතල් කැණීම් පිළිබඳ ආයතනයේ ජෙරාර්ඩෝ හරේරා ගාෂියා ඇතුළු කණ්ඩායමය.  මේ පිළිබඳව ලොව පුරා සිදු කළ සමීක්ෂණ වාර්තා අධ්‍යයනය කිරීමෙන් හා රටවල් 34 ක තෝරා ගත් නාය යෑම් හා ගිලා බැසීම් අවස්ථා 200 ක් පමණ අධ්‍යනය කිරීමෙන් ද පසුව පර්යේෂණ කණ්ඩායම ඔවුන්ගේ පර්යේෂණ වාර්තාව සකසා ඇති බව පැවැසෙයි.  ඉතින් ඔබෙත් මගෙත් වගකීමක් හැටියට පරිසරය සිදුවන හානිය අවම කර ගතු වෙනවා. නැතහොත් අපගේ දරුවන්ට  ඉදිරියේදී  මෙවැනි විනාශයන් වලට මුහුණ දීමට සිදුවෙනු ඇත. …

GitHub admits significant mistakes were made in firing of Jewish employee

GitHub is admitting that a Jewish employee was fired in error and is offering him his job back. The news…

ඇමෙරිකානු ආරක්ෂක අංශය විසින් Xiaomi සමාගම ඇතුළුව තවත් සමාගම් 8 ක් blacklist කරයි

මේ වන විට ලොව විශාලතම smartphone නිෂ්පාදකයින්ගෙ 3 වැනි ස්ථානයේ සිටින Xiaomi සමාගම ඇතුළු තවත් ආයතන 8ක් ද Communist Chinese…

Best free Microsoft Office alternatives of 2021

ඔන්න අද කියන්න හදන software එක ඔයාට ගොඩක් වැදගත් වෙයි. මොකද ඔයා මේ වෙනකොටත් Microsoft office පාවිච්චි කර කෙනෙක් වෙන්න…

ලොව විශාලතම ගුවන් යානා සුසාන භූමිය ( Video )

ඇතැම් විට ඔබ මේ ලිපිය කියවනකොට ගුවන් යානයකින් පියාසර කර තිබෙන්නට පුළුවන් නැතිවෙන්නත් පුළුවන් ඉතින් අපි කවුරුත් හිතන් නැති පැත්තක් ගැන තමයි කියන්න හදන්නේ .ඒ තමයි භාවිතයෙන් විශ්‍රාම යන ගුවන් යානා වලට මොකද වෙන්නේ කියලා හිතුවද ? 🤔 ලොව ගුවන් යානා භාවිතය ඉහල යාමත් සමග  ඒවා දීර්ඝ කාලීනව භාවිතා කොට ඉවත් කිරීම ලෙහෙසි කටයුත්තක් වුනේ නැහැ. මොකද…

Windows 10X ලබන වසරේ නිකුත් කිරීමට සුදානම් වෙයි

ඇත්තටම ඊළගට windows 10 වලින් පස්සේ මොකක් එයිද කියලා ඔයාට හිතුනද ? 🤔 කොටිම්ම කිවුවොත් ලිපිය ලියන මටවත් එක ගැන…

PDF File Open කරපු ගමන් Closed වෙනවද ?

ඔන්න අද කියන්න හදන්නේ ගොඩක් දෙනෙක්ට වෙන සිදු වීමක් ගැන බොහෝ දෙනෙක් pdf file පාවිචි කරන නිසා ගොඩක් දෙනෙක් adobe…