• October 16, 2024
  • Last Update September 23, 2024 10:51 AM
  • Sri Lanka

YouTube විසින් Hype යනුවෙන් නව විශේෂාංගයක් හදුන්වාදෙයි

YouTube විසින් Hype යනුවෙන් නව විශේෂාංගයක් හදුන්වාදෙයි

ඔන්න YouTube වීඩීයෝ නිර්මාණකරුවන්ට (Content Creators) ප්‍රේක්ෂකයින් වර්ධනය කරගැනීමට පහසු වන ආකාරයේ නව විශේෂාංගයක් හදුන්වාදීමට YouTube සමාගම මේ වනවිට කටයුතු කරතිබේ. Made On YouTube උත්සවයේදී ‘Hype“යනුවෙන් හදුන්වන මෙම නව විශේෂාංගය එලිදැක්වූ අතර මෙමගින් වීඩීයෝ පුළුල් ප්‍රේක්ෂක පිරිසක් වෙත ළගා කරවීමට වීඩීයෝ නිර්මාණකරුවන්ට හැකිවනු ඇත.

මෙම නව විශේෂාංගය හිමිවනුයේ Subscribers ලක්ෂ 5කට වඩා අඩු YouTube නාලිකාවලට වන අතර මෙම විශේෂාංගය Like Button එකට පහලින් ස්ථාපිත කර තිබෙන බවද සමාගම පවසයි.එමන්ම මෙහි අනිසි භාවිතය වැලැක්වීම සදහා සතියකට තෙවතාවක් පමණක් මෙම විශේෂාංගය භාවිතා කිරීමට හැකිවන ලෙස නිර්මාණය කරතිබේ.මෙය භාවිතා කිරීමෙන් ඉහළට පැමිණෙන නිර්මාණකරුවන් ඇගයීම සදහා සමාගම ලකුණු දීම සහ විශේෂ ලාංඡන ප්‍රදානය වැනිදේ සිදුකිරීමට සැලසුම් කර තිබේ. එසේම ය YouTube සමාගම කරන ලද Beta පරීක්ෂණයකදී තහවුරු වී තිබෙන්නෙ වයස අවු.18-24 අතර වයසේ පසුවන පිරිස් මෙම නව විශේෂාංගය සදහා වැඩි කැමැත්තක් දක්වන බවයි.

ඉතින් මේ වගේ Features 9 එකතු වෙලා තියෙනවා YouTube එකට ඒ මොනවද කියලා ඔයාලට මෙතනින් බලන්න පුළුවන්

 

original kingston Sri Lanka

 

Related Articles