Skip to content
- September 17, 2024
- Last Update September 3, 2024 11:08 AM
- Sri Lanka
කෝටි ගණන් සල්ලි මවන කෝඩින්
ඔබ දන්නවද ? Google සමාගම තහවුරු කරලා තියන විදියට Google Play store හි ඇති ඇප්ස් ප්‍රමාණය මිලියන 3.48කට වැඩියි. දළ වශයෙන් දිනකට Apps 3,739ක් Play store වෙත අලුතින් එකතු වෙනවා. ලෝකය මොන තරම් මේ ක්ෂේත්රය ගැන උනන්දුවක් දක්වනවද කියන එකට මීටත් වඩා උදාහරණ අවශ්‍ය නැහැ නේද?
ඉතිං මේ තරම් වේගවත් දියුණුවක් තියන මේ ක්ෂේත්රයට පිවිසෙන්න නම් ඔයා දැනගන්න ඕනෙ ප්‍රධානම දේ තමයි කෝඩින්.
Coding කියන්නෙ පරිගණකවලට විතරක් තේරෙන විශේෂ භාෂාවක්. පරිගණක මෘදුකාංග, ඇප්ස්, පරිගණක ක්‍රීඩා, වෙබ් අඩවි වගේ බොහෝ දේවල් නිර්මාණය කරන්න යොදා ගන්නෙ මේ කෝඩින් භාෂාව උපයෝගී කරගෙනයි.
මේ නිසා මේ විෂයට වර්තමාන ලෝකයේ තියන වෙළඳ වටිනාකමත් මේ වෙද්දි සිය දහස් ගුණයකින් වැඩි වෙලා.
විදෙස් සමාගම්වලට සේවා සපයන එක, එහෙමත් නැත්තම් අලුත් පරිගණක ක්‍රීඩාවක්, ඇප් එකක් හඳුන්වා දෙන එක වගේ දේවල් හරහා ගෙදරම ඉදන් ඉහළ ආදායම් උපයන්න ඔබටත් පුළුවන්. මේ නිසා කෝඩින් ක්ෂේත්රයට අදාළ රැකියා වෙළඳපොළත් ඉතා අද වන විට පවතින්නේ ඉතාමත් ඉහළ තලයකයි. ලෝකයේ වැඩිම වැටුප් ලබන අය අතරේ කෝඩින් ඉගෙන ගත්තු අයත් වැඩි දෙනෙක් ඉන්නවා. ස්ටීව් ජොබ්ස්, බිල් ගේට්ස්, මාර්ක් සකර්බර්ග්, ඉලෝන් මස්ක් වගේ ලෝකෙම හෙල්ලෙන විදියෙ සුපිරි දේවල් කරපු බොහෝ දෙනෙක් ළමා කාලෙම කෝඩින් විෂය ඉගෙන ගත්ත අය වීමත් විශේෂත්වයක්.
කෝඩින් විෂය හරියට දන්නව නම් ඔයාගෙ හිතේ තියන දේ හරියටම පරිගණය ලවා නිර්මාණය කරගන්න ඔයාට පුළුවන්. ඒ නිසා මේ විෂය ඉගෙන ගන්න ඔයාට තිබිය යුතු මූලික දේ නිර්මාණශීලී මනසක් විතරයි. පරිගණක දැනුම හෝ ඉංග්‍රීසි භාෂාව වුනත් ඔබට ලොකු බාධාවක් වෙන්නෙ නැහැ. තියෙන්න පුළුවන් එකම සහ ලොකුම බාධාව තමයි කෝඩින් පාඨමාලාවක වටිනාකම රුපියල් ලක්ෂ 20ක් විතර වෙන එක.
නමුත් DP Education ඩිජිටල් පාසල හරහා අංග සම්පූර්ණ කෝඩින් පාඨමාලාවක් අපේ රටේ දරුදැරියන්ට සම්පූර්ණයෙන්ම නොමිලේ හදාරන්න අවස්ථාව උදා කරලා දීලා තියන නිසා ඒ බරපැන තවදුරටත් බාධාවක් නෙවෙයි. මේ පාඨමාලාව නිවසේ ඉදගෙනම ඔයාට පහසු විදියට හදාරන්න අවශ්‍ය වෙන්නෙ පරිගණකයක් සහ හොඳ අන්තර්ජාල සම්බන්ධතාවක් විතරයි.
පුංචි දරුවෙකුට වුනත් ආසාවෙන් හදාරන්න පුළුවන් විදියට ඉතාමත් සරලව තමයි මේ පාඨමාලාව නිර්මාණය වෙලා තියෙන්නෙ. ඒ නිසා පුංචි දරුවන් මේ පාඨමාලාවට යොමු කිරීම නම් කිසිසේත්ම අසීරු නෑ. මොකද ඔවුන් වැඩිපුරම කැමති සරල කාටුන් වගේ දේවල් පරිගණකය ඇසුරින් තනිවම නිර්මාණය
කරන හැටි තමයි මූලික පාඩම් මාලවන්වලින් කියල දෙන්නෙ. කාටුන් එකක් නිර්මාණය කරන තැන ඉදන් පරිගණක වැඩසටහන් නිර්මාණය දක්වා DP Education කෝඩින් පාසැලෙන් ඔබට මේ විෂය පියවරෙන් පියවර ඉගෙන ගන්න පුළුවන්.
ව්‍යාපෘති 324 කින් සමන්විත මේ පාඨමාලාව ප්‍රධාන අංශ 12ක් යටතේ පෙළගස්වලා තියෙනවා. ඒ වගේම සිංහල දෙමළ යන භාෂා මාධ්‍යයන් දෙක ඔස්සේම හැදෑරීමටත් අවස්ථාව තියනවා.
ඔබ සම්පූර්ණ කරන සෑම ව්‍යාපෘති 8ක් සඳහාම නොමිලේ ඔන්ලයින් සහතිකයකුත් ඔබට ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ පාඨමාලාව අවසානයේ මොරටුව විශ්වවිද්‍යාලය මඟින් නොමිලේ ලබා දෙන Trainee Full-stack Developer ඔන්ලයින් පාඨමාලාව හැදෑරීමේ අවස්ථාවත් ඔබට හිමිවෙනවා.
විදෙස් සමාගම්වලට පරිගණක සේවා සපයන ඉංජිනේරුවක් විදියට සම්බන්ධ වීමට ඉඩකඩ ලැබීම තමයි ඔබට මේ ක්ෂේත්රයෙන් ලබන්න පුළුවන් වටිනාම ජයග්‍රහණය. ඔයාගෙ හැකියාව සහ කැපවීම මත ඒ වගේ රැකියා අවස්ථාවක් ලැබුනොත් ගෙදර ඉඳගෙනම ලක්ෂ ගණනක වැටුපක් උපයන එක නම් තවදුරටත් සිහිනයක් නෙවෙයි.
ඉතිං මේ වටිනා අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න.. තවත් පරක්කු නොවී ඔබත් දැන්ම www.dpcode.lk වෙබ් අඩවියට ගිහින් ලියාපදිංචි වෙන්න.
Related