• April 19, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

ජීවිත කාලෙම විදවන මුතු බෙල්ලෝ ( Video )

ජීවිත කාලෙම විදවන මුතු බෙල්ලෝ ( Video )

අද ඔබට කියන්න හදන්නේ මුතු ගැන වැදගත් ලිපියක් වෙයි කියලා හිතෙනවා ඔබ ගේ දැනුමට

මුතු ජාති කීයක් තිබනවාද …

මුතු ජාති තියෙන්නේ දෙකයි. එකක් බෙල්ලන්ගෙන් ගන්න මුතු. අනෙක ගජමුතු. බෙල්ලන්ගෙන් ගන්න මුතු ගැන අද කියන්න හදන්නේ.

ඇත්තටම ඔය කියන මුතු හැදෙන්නෙ කොහොමද? 

කවුරුත් නොදන්න මේ මුතු ඇටයෙ උපත වෙන්නේ වැලි කැටයකින් හරියටම කියනවනම් දුවිලි අංශුවකින් තමයි මුතු ඇටයක් උපදින්නෙ. 

බෙල්ලන්ගෙ ඇතුල හරිම මෘදුයි ඉතින් ඒ මෘදු බෙල්ලගෙ ඇතුලට වැලි කැටයක් එහෙමත් නැතිනම් දූවිලි අංශුවක් ඇතුල් උනාම මේ බෙල්ලට අසීමිත වේදනාවක් දැනෙන්න ගන්නවා. 

ඉතින් මේ බෙල්ල ඒ දැනෙන වේදනාව අඩු කරගන්න කියල  “nacre” කියන ද්‍රාවණයක් වැලි අංශුව වටේට නිකුත් කරනවා. 

ඉතින් මේ විදිහට බෙල්ලට වේදනාව දැනෙන්න දැනෙන්න මේ ද්‍රාවණය සැරින් සැරේ නිකුත් කරන්න ගන්නවා.ඉතින් බෙල්ලගෙ බාහිර කවචයේ ඇතුල් පැත්තෙ හැදෙන මේ රසායනිකය තුල  ඇරොගොනයිට්(Aragonite) ලවනය සහ කොන්කිඔලීන් (Conchiolin)කියන ප්‍රෝටීනය තමයි අන්තර්ගත වෙන්නෙ. 

දිගින් දිගටම මේ ක්‍රියාවලිය සිදුවෙමින් ස්වභාවිකව මුතු ඇටයක් වර්ධනය වෙන්න සාමාන්‍යයෙන් අවුරුදු 15-20 වත් යනවා. ඒ කියන්නේ මුතු බෙල්ලෙක් එතරම් කාලයක් පුරාවටම මේ වේදනාව විඳිනවා. 

ඉතින් ජීවි සත්වයෙක්ගෙන් ලබා ගන්න එකම මැණික් වස්තුව වෙන්නෙ මේ  මුතු ඇටය යි.

මුතු බෙල්ලට තියෙන තවත් විශේශ ලක්ෂණයක්  තමයි මොවුන්ට තමන්ගේ ලිංගය මාරු කරගන්න පුලුවන් හැකියාවක් තිබීම. 

කාලෙකදී පිරිමි විදිහට ඉදල පසු කාලීනව ගැහැනු විදිහට මාරු වීමේ අරුම පුදුම හැකියාවක් තමයි මේ මුතු බෙල්ලෙන් සතු වෙන්නෙ. 

ඉතින් මේ විදියට ස්වභාවදහම විසින් නිර්මාණය කරන මේ අති අනර්ඝ මාණික්‍ය සොයාගෙන ආදි කාලේ මිනිසුන් අඩි 120 පමණ මුහුදු පතුළට කිමිදෙනවා

මෙසේ කිමිදීම තනි පුද්ගලයකුට කළ නොහැකි කාර්යයක් වන අතර මුතු කිමිදීම සිදුකළේ දහදොළොස් දෙනකුගෙන් සමන්විත කණ්ඩායමකි.

මුතු සෙවීමට ඒ කාලේ මිනිසුන් අධික වෙහෙසක් සහ වියදමක් දරා ඇති බව අපට හෙළිවෙනවා.

ඒ මුතුවල ඇති ලෝකයේ අන් කවරෙකටත් නොදෙවැනි වටිනාකම හෙයිනි.

ස්වාභාවික මුතු ඉතාම දුර්ලභ දෙයකි. මීලිමීටර් එකක දෙකක මුතු ඇටයක් හට ගන්නේ මුතු බෙල්ලන් දාහකට එකකය.

මිලි මීටර් පහක පමණ මුතු ඇටයක් ඇත්නම් එය ලෝකෙටම මහඟු වස්තුවකි.

සාමාන්‍යයෙන් කැරට් එකක පමණ මුතු කැටයක් රුපියල් ලක්ෂ පහළොවක් පමණ වෙනවා කාලේ අනුව මිල ගණන් වෙනස් වෙනවා.

අපේ රටේ මන්නාරම මුහුදු තීරයේ හමුවූ මුතු ලෝකයේ ලස්සනම මුතු ලෙස පිළිගන්නවා.

කනගාටුදායක තත්ත්වයක් ලෙස අද මුහුදේ මුතු නිෂ්පාදනය කරන්න හිටපු මුතු බෙල්ලෝ සියල්ලම පාහේ වඳවී ගොසින් සිටීමයි. එයට හේතුව පරිසර දූෂණය වීමයි.

අපේ රටේ තිබුණු මුතුවලින් සියයට අනූවක් පිටරටවලට ගෙන ගොසිනි. මෙම මුතු ඒ ඒ රටවල අලෙවි වන්නේ රුපියල් කෝටි ගණන්වලින්ය.

ඊජිප්තුවේ ක්ලියෝපැට්රා රැජින තම ඔටුන්න සඳහා අගනා මුතු ගෙන්වාගෙන ඇත්තේද මන්නාරම් වෙරළින් බව පැවසේ. 

යම් හෙයකින් මුතු කැටයක් ඔබගේ අතට පත් වුවහොත් ඒ මීට අවුරුදු සියයකට එහා හදාපු ආභරණයකින් විය යුතුය.

එංගලන්තයේ එළිසබත් රැජන, ඩයනා කුමරිය ආදී රාජ කුමාරිකාවන් සහ ධන එලිසබෙත් ටේලර් වැනි කුවේරයන් මුතු පැලැඳියේ එහි තිබෙන විශේෂත්වයක් හෙයිනි.

කාන්තාවන්ගේ රුව වැඩිකරවිය හැකි සේම මුහුණේ පැහැපත් බව හා සම්බන්ධ එකම මැණික් වර්ගයද මුතුය.

සඳුගේ අපල සඳහා මුතු පලඳිනවා මෙන්ම ඕනෑම කෙනකු මුතු පැලඳීම හෝ ළඟ තබාගැනීම තුළ නරකක් සිදු නොවන බව කිව යුතුව ඇත.මානසික සහනය මුතු පැලඳීමෙන් අනිවාර්යයෙන් ළඟාවන දෙයකි.

මුතු පැලඳීම තුළ රූප ස්වභාව වැඩිවනවා මෙන්ම රාජ රාජ මහාමාත්‍ය ඇසුර,

පිළිගැනීම සහ දකින්නට ප්‍රිය උපදවන බව සහ අරාබි රටවල සෞභාග්‍යයේ සංකේතය ලෙසද මුතු පැලඳීම සහ ළඟ තබාගැනීම සිදු කෙරේ.

අරාබි රටවල ධන කුවේරයන් වන ශේක්වරු මුතු ළඟ තබාගන්නේ ඔවුන්ගේ භාණ්ඩාගාරවල වත්කම පෙන්වීමේ අංගයක් සහ කොටසක් ලෙසිනි.

එමෙන්ම මුතු ළඟ තබා ගැනීමෙන් එය හිමි පුද්ගලයාගේ ධනය, වත්කම තව තවත් තරවන බවත්, මානසික නිරවුල්තාව ඇතිකර දෙන බවත් සමාජයේ මුල්බැස ඇති විශ්වාසයකි. ලෝකයේ මුතු පලඳින්නන් දෙස බැලූ විටද මෙය අපට සනාථ වන සත්යයක් බව කිව යුතුව ඇත.

මුතුවල පාට  මොනවාද ?

වයිට්. ඒ කියන්නේ සුදු, ඊළඟට නැචුරල් ඇක්වා. ඒක තමයි වටින්නේ ගොඩාක්ම. ඊට පස්සේ කළු මුතු. බැලැක් පර්ල්ස්. ගෝල්ඩන් පර්ල්ස් (රත්රන් පැහැති) චොකලට් පර්ල්ස්. පින්ක් පර්ල්ස් (දම් පැහැය),

ලැවෙන්ඩා පාට මුතු. එතකොට සිල්වර් පර්ල්ස් කියලත් කියනවා. ඒක වැටෙන්නේ බ්ලැක් පර්ල්ස් කියන කැටගරි එකට.

අනෙක තමයි කළු පාටෙත් එක එක පාටවල් තියෙනවානේ. කට්ට කළු, නිලට හුරු කළු. කොළ පාටට හුරු කළු.

ලෝකේ වැඩියෙන්ම වටින මුතු මොනවාද… 

ලෝකේ ගණන් වැඩිම මුතු තමයි සවුත් Sea Pearls. ඕස්ට්‍රේලියාවේ තමයි මේක කල්චර් කරන්නේ ලෝකේ තුන්වැනි තැනට තියෙන්නේ මුතු.

බලන්න පහළ වීඩියෝව මුතු වගා කරන හැටි.

මුතු වගා කරන වතුර දෙකක් තිබෙනවා. ඒනම්  හොඳ මිරිදිය වතුරේ සහා අනෙක ලුණු වතුරේ.

මේ අතරේ මුතු වගා කරන රටවල් බොහොමයක් තිබෙනවා ඒ අතරින් , 

ඇමෙරිකාවේ, නෙදර්ලන්තයේ, බෙල්ජියමේ, ප්‍රංශයේ, ජර්මනිය, අයර්ලන්තය, ඕස්ට්‍රේලියා, ඩෙන්මාර්ක් මේ වගේ රටවල් ගණනාවක මුතු කර්මාන්තයක් විධියට වගා කරනවා..

මේ වගා කරන මුතු මිනිසා විසින් නිර්මාණය කරන ලද අර්ධ කෘතීම මුතු වෙනවා.

නමුත් ඒවාට ඉහල වටිනා කමක් තිබුනත් ස්වබාවික මුදුදේ හැදෙන මුතු වල මිල දෙගුනක් තුන්ගුනක් වෙනවා.

තව දෙයක් කියන්න ඕනේ ඒ මුතු ගොඩක් වෙලාවට කෙනෙක් අතින් තව කෙනෙක් අතට යන්නේ පරම්පරාවෙන් පරම්පරාවට.

මුතු ඇටය වටා ගෙතුනු ලස්සන කතා ගොඩකුත් තියෙනවා ඒක් කතාවක් කියනම් ඔබට

චීන මතයට අනුව ඒ කියන්නෙ චීන්නුන්ගෙ විදිහට මුතු ඇට අයිතු වෙන්නෙ මකරුන්ට.ඒකට හොදම නිදසුන තමයි ඔයාල මකරුන්ගේ රූප දිහා  හොදින්ම බැලුවොත් ඔයාලට පෙනේවි මකරුන් රව්ම් හැඩැති අමුතු දිස්නයක් තියෙන වස්තුවක් රැකගෙන ඉන්නවා. 

ඒවාගේම චීන මිත්‍යාවට අනුව මුතු ඇට කියන්නේ උසස් මනසක් වගේම බුද්ධියේ සංකේතයක්. මකරුන්ගෙන් සංකේතවත් කරන්නෙත් ඒකමයි.ඉතින් ඒ නිසා තමයි චීනයේ අය මුතු ඇට අයිති මකරුන්ට කියල විශ්වාස කරන්නෙ. 

ඒවගේම ඈත අතීතයේ ජපන් ජාතිකයන් විශ්වාස කරපු කතාවකුත් මේ අස්සෙ තියෙනවා.ඔවුන් කියන්නෙ නම් මේ මුතු ඇට හැදෙන්නේ දේව දුතයන්, දිය කිඳුරියන් වගේ මනුස්ස ලෝකයට අයත් නොවන බලසම්පන සත්වයන්ගේ කඳුළු බිංදු වලින් කියලා.

අද ලෝකයේ දියුණු රටවල තම ආදරවන්තයා සිය ආදරවන්තියට පිදෙන නම්බුකාර තිළිණයක් බවට මේ ස්වාභාවික මුතු එබ්බවූ ආභරණ පත්වී ඇත.

තව ඉතින් මුතු ගැන විවිධ විස්තර කතා තිබෙනවා අද ඇති කියලා හිතෙනවා… ඔයාලත් මුතු ගැන මොනයම් දෙයක් දැනගන්න ඇති කියලා හිතනවා.

ඔයාලත් දන්න විස්තර තියෙනවනම් පහළ comment කරන්න..

Related Articles