• April 27, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

ලොව ප්‍රථම 5G තාක්ෂණයෙන් යුත් 8k Smart TV එක Huawei  සමාගමෙන් – Video

ලොව ප්‍රථම 5G තාක්ෂණයෙන් යුත් 8k Smart TV එක Huawei  සමාගමෙන් – Video
 
මේ වෙනකොට Huawei Technologies ආයතනය විසින් ලොව ප්‍රථම 5G රූපවාහිනිය හඳුන්වා දීමට සැලසුම් කර ඇති අතර එය මේ වසර ඇතුලත් වෙළඳපලට නිකුත් කිරීමට සූදානම් වෙන බව දැනගන්නට ලැබෙනවා.
කෙසේ නමුත් මේ නිෂ්පාදනය කිරීමට සූදානම් වන TV එක 5G Module එකකින් සමන්විත වන අතර මීට අමතරව 8K resolution එකක් සහිත Display එකකින් ද සමන්විත වෙන වෙනවා. මේ හරහා 360 degree video වැනි වැඩි වශයෙන් data අවශ්‍යය වන නිර්මාණ ඉතාමත් ඉක්මණින් Download කරගැනීමේ හැකියාව ලැබෙන Huawei  සමාගම  පෙන්වා දෙනවා.

huawei-to-enter-high-end-electronics-with-worlds-first-5g-8k-tv-tech-news-sri-lanka

මේ වෙනකොට ලෝකයේ භවිතය වෙමින් පතින්නේ 4k videos Huawei සමාගමවිසින් 8K videos හදුන්වා දී තිබෙනවා, කොහොම වුණත් තවමත් මේ 8K තරමේ videos විශාල වශයෙන් ලොව පුරාම ප්‍රචලිත වී නොමැති නිසාවෙන් මෙය Huawei සමාගම විසින් අනාගතය වෙනුවෙන් ගත තීරණයක් ලෙස බොහෝ දෙනා පෙන්වා දෙනවා.
Huawei සමාගම TV නිෂ්පාදනයට අලුතින් එකතු වෙන සාමාජිකයෙක් නොවන අතර මේ වන විට ලොව දෙවැනි විශාලතම TV Chipset නිෂ්පාදකයා වන්නේ ද Huawei සමාගමයි (විශාලතම TV Chipset නිෂ්පාදකයා වන්නේ MediaTek ආයතනයයි).

Hisense, Skyworth, Changhong සහ Sharp වැනි සමාගම් වලට මෙම chipset ලබා දෙන අතර ඔවුන්ගේම 5G modem නිෂ්පාදනය කිරීමට ද මේ වන විට Huawei සමාගම කටයුතු කරනු ලබනවා.
අපට ඉදිරියේදී වෙළදපොලේ 5G තාක්ෂණයෙන් හා 8k videos නැරබිය හැකි Tv දැකගන්නට ලැබේවි.

Related Articles