• March 28, 2024
  • Last Update March 18, 2024 9:04 AM
  • Sri Lanka

Android Go 10 Edition මුල් ජංගම දුරකථනය මෙම වසරේ

Android Go 10 Edition මුල් ජංගම දුරකථනය මෙම වසරේ
මේ වෙනකොට Ultra low-end, එහෙමත් නැතිනම් අඩුම performance ඇති smart phone සඳහා optimize කරන ලද මෙහෙයුම් පද්ධතියක් වශයෙන් Android Oreo වල සිට හඳුන්වාදීමට කටයුතු කර Android Go මෙහෙයුම් පද්ධතියේ අලුත් සංස්කරණය වන Android Go 10 Edition එක  මේ වන විට නිකුත් කිරීමට Google සමාගම කටයුතු කර තිබෙනවා.
 සංස්කරණ සියල්ලක්ම වගේ  RAM එක 1GB වලට වඩා අඩු Devices ඉලක්ක කරගෙන නිකුත් කරනු ලැබූ අතර මෙම සංස්කරණය 1.5GB RAM එකක් සහිත Devices ඉලක්ක කරගෙන නිර්මාණය කර තිබෙනවා.
මෙම සංස්කරණය තුළ Apps අතර මාරු වන Speed එක පැරණි සංස්කරණය වන Android Pie Go  Edition එකට වඩා 10%ක් පමණ වැඩි අතර  මේ හරහා Operating System එකේ ආරක්ෂක උපක්‍රම හා RAM එක භාවිතා කරනු ලබන ක්‍රමයෙහි වැඩිදියුණු කිරීම් ගණනාවක් සිදු කර ඇති බවත් Google සමාගම ප්‍රකාශ කර තිබෙනවා.
2018 වර්ෂයේදී මුලින්ම නිකුත් කළ Android Go මෙහෙයුම් පද්ධතිය සහිත ජංගම දුරකථන මාදිලි 1,600ක් පමණ නිෂ්පාදකයින් 500ක් පමණ දෙනා විසින් මේ වන විට නිෂ්පාදනය කිරීමට කටයුතු කර ඇති අතර මේවා රටවල් 180ක් අතර පමණ අලෙවි කිරීමට කටයුතු කර තිබෙනවා.

Android Go 10 Edition

 Entry level Android phone වලින් 80% ක් පමණ devices මෙම මෙහෙයුම් පද්ධතිය හරහා බළගැන්වෙන බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන අතර මේ අලුත් Android 10 Go edition එක සහිත මුල් ජංගම දුරකථනය මෙම වසරේ අවසාන භාගයේදී නිකුත් වන ඇති බවට Google සමාගම බළාපොරොත්තු වෙනවා.
තොරතුරු  Android

Google

 

 

 

Related Articles