• March 29, 2024
  • Last Update March 18, 2024 9:04 AM
  • Sri Lanka

පළමු Developer Preview වන Android 11 නිකුත් කිරමට Google සමාගම කටයුතු කරයි

පළමු  Developer Preview වන Android 11 නිකුත් කිරමට Google සමාගම කටයුතු කරයි
Android මෙහෙයුම් පද්ධතියේ මීළඟ සංස්කරණය වන Android 11 සංස්කරණයේ පළමුවැනි Developer Preview සංස්කරණය මේ වන විට නිකුත් කිරීමට Google සමාගම කටයුතු කර තිබෙනවා.
මෙහෙදී Pixel 2 සිට Pixel 4XL දක්වා Android 11 මෙම ජංගම දුරකථන හිමියන්ට Developer preview එක ලබාදීමට google සමාගම කටයුතු කරන අතර Pixel 1 මාදිලියට Android 11 ලබාදීමක් සුදු වන්නේ නැහැ.
Notification center එකට Conversations යන නමින් අලුත් කොටසක් එකතු කර ඇති අතර Bubbles Notifications පහසුකම ද Android 11 වල සිට Default ලෙසම Enable කිරීමට කටයුතු කර තිබෙනවා.
Location ,microphone සහ camera පහසුකම් access කිරීමට One-time permission නමින් අලුත් method එකක් හදුන්වාදීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.
මිට අමතර තවත් පසුකම් රාශියක් මෙම සංස්කරණයතිබෙන අතර මැයි මාසයේ පැවැත්වීමට නියමිත Google I/O event එක අතරතුර මේ පිළිබඳව වැඩිදුර විස්තර ලබාදීමට Google සමාගම කටයුතු කරනු ඇති.

Related Articles